මගී ප‍්‍රවාහනයේ 99.9% ක්ම දුවන්නේ මගීන් ගෙනයන බස්රථ නොවන බවත් ලොරි චැසිවලට සීට් හයිකරපු බස්රථ බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. ඒ මහත මෙම අදහස් පළකර සිටියේ අද (25)දින පාර්ලිමේන්තුවේදී ය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘ස්ථාවර සාමයත්, ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමක් වෙන්න ඕනේ. ඒ වගේම නීතිය හා සාමය ශක්තිමත්ව පවත්වාගෙන යන්න ඕනේ. හොඳ අධිකරණ පද්ධතියක් තියෙන්න ඕනේ, ස්වාධින, කාරයක්‍ෂම, අපක්‍ෂපාතී. ඒ වගේම හොඳ ස්ථාවර දේශපාලන ස්ථාවරත්වයක් වගේම මූල්‍ය ප‍්‍රතිපත්තියක්, ආර්ථික ප‍්‍රතිපත්තියක්, අයෝජකයින්ට, පාරිභෝගිකයින්ට මේ හැම කෙනාටම විශ්වාසය තියන්න පුළුවන් වෙළෙඳපොළක අවශ්‍යතාවයක් තියෙන්න ඕනේ. ඒ වගේම නිදහස් වෙළෙඳපොල කි‍්‍රයාත්මක වීමට භාණ්ඩ හා සේවා ප‍්‍රවාහනය ඉතාමත්ම අත්‍යාවශ්‍යයි. විශේෂයෙන්ම හොඳ ප‍්‍රවාහන පද්ධතියක්, හොඳ සන්නිවේදන පද්ධතියක් රටක ආර්ථික ඉදිරියට ගෙනයන්න ඉතාම අත්‍යාවශයයි.
විශේෂයෙන්ම අද මධ්‍ය ආදායම් රටක් හැටියට අවුරුදු 20 ක් එකතැන හිරවෙලා ඉන්න රටක් හැටියට අධි ආදායම් කලාපයට පිවිසෙන්න අපට තිබෙන ලොකුම බාධාවක්, හිරවීමක් හැටියට අපේ ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රය. ලංකාවේ අද ප‍්‍රශ්නය ගත්තොත් අපට බටහිර රටවල්වලින් තමයි මේ නූතන ප‍්‍රවාහන මාදිලිය ලැබුණේ. 1860 ගණන්වල දුම්රිය සේවය එක්දහස් නමසිය දෙකේ, තුනේදී බස්රථ මේ රටට ඇවිල්ලා පොදු ප‍්‍රවාහනය හඳුන්වාදීමක් උනා. පෞද්ගලික ප‍්‍රවාහනයේ වර්ධනයක්, මෝටර් සයිකලය, මෝටර් රථය ලැබීමෙන් ලැබුණා.
අපට නිදහස ලැබිලා 1950 දී මේ රටේ ජනගහනය ලක්‍ෂ 80 කට ආසන්න වෙලා තිබෙන කොට මේ රටේ රථවාහන ප‍්‍රමාණය තිබුණේ 5000 යි. මෝටර් සයිකල්, මෝටර් රථ සහ බස්රථ මේ ඔක්කොම එකතුවෙලා තිබුණේ. අද මොකද්ද තත්වය අද අපගේ ජනගහනය ආසන්න වශයෙන් අවුරුදු 70කට පසුව තුන් ගුනයකට ආසන්න වෙලා තිබෙනවා. ලක්ෂ 210 - 220 ක් වෙලා තිබෙනවා. ඒ වගේම අපගේ වාහන පද්ධතිය ආසන්නයෙන් දහස් ගුනයකින් වැඩිවෙලා අද මිලියන 7 කටත් වඩා අධික මෝටර් රථ ප‍්‍රමාණයක් රටතුළ සංසරණය වෙන තත්වයක් ඇතිවෙලා තිබෙනවා. දැන් මේක නිසා තමයි මේ ප‍්‍රවාහන තදබදය ඇතිවී තිබෙන්නේ. අද මහමග ඇතිවී තිබෙන ප‍්‍රවාහන තදබදය නිසා දවසකට නාස්තිවෙන ධනය, ඉන්ධනවලින් ශ‍්‍රමකාලයෙන් ඇතිවන ධනය මොරටු විශ්ව විද්‍යාලයේ අධ්‍යනයන්ට අනුව ආසන්නයෙන් දිනකයට මිලියන 1000ක්. අපේ රටේ ප‍්‍රවාහනයේ දියුණුවට, මාර්ගපද්ධතියේ දියුණුවට, මේ අයවැයෙන් වියදම් කරන ප‍්‍රාග්ධන වියදමට වඩා වැඩි ප‍්‍රමාණයක් මේ මහමග තදබදය නිසා විනාශ වන බව කියන්න ඕනේ.
දැන් අපේ ගමන් මග කොයි දෙසටද? අපි දන්නවා මේ රටේ පොදු ප‍්‍රවාහනය 70 දශකයේ, 80 දශකයේ අපේ ශ‍්‍රී ලංගම සේවය සහ ශ‍්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ඉතාම ශක්තිමත්ව තිබුණා. ඒ වගේම මගීන්ගෙන් 80% කට වැඩි ප‍්‍රමාණයක් භාවිතා කළේ මේ පොදු ප‍්‍රවාහනය. නමුත් අද ඒ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා අනුක‍්‍රමයෙන් මේ රට ඒක පුද්ගල ආදායම ඩොලර් 3000 සීමාව ඉක්මනවත් එක්කම පහළ මැදි ආදායම් රටක් බවට පත්වනවාත් එක්කම පෞද්ගලික වාහන ගෙන්වීම ඉතා සීග‍්‍ර වශයෙන් වැඩිවෙලා ඒ පෞද්ගලික වාහන වලින් අද මාර්ගය තෙරපුමකට ලක්වෙලා තමයි මේ මහා මාර්ග තදබදය ඇතිවී තිබෙන්නේ. මේකට මොකද්ද විසඳුම අපි 2004 සිට අධිවේගී මාර්ග හැදීමෙන්, මාර්ග පුළුල් කිරීමෙන් මාර්ග කාපට් කිරීමෙන්, කොටින්ම පොදු ප‍්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරීමට, නවීකරණය කිරීමට අති විශාල ධනස්කන්ධයක් වැය කර තිබෙනවා. 2005-2015 දක්වා අපගේ ජාතික අයවැයේ ප‍්‍රාග්ධන වියදම් වලින් 42% ක් වැය වුණේ මාර්ග ක්‍ෂෙත‍්‍රය වැඩිදියුණු කිරීම සඳහායි. මේ අයවැයෙනුත් ආසන්නයෙන් 30% ක් පමණ වැය කර තිබෙන්නේ මාර්ග සංරචකය දියුණු කිරීම සඳහායි. අධිවේගී මාර්ග, පොදු ප‍්‍රවාහන මාර්ග වැඩිකිරීම සඳහායි. අපේ දේශපලනඥයින්ටත් වැඩිම ඉල්ලීම ගම්පෙරළිය වේවා, සුඛිත පුරවර වේවා වෙනත් ඕනෙම දෙයක් වේවා වැඩිම ඉල්ලීම් එන්නේ මාර්ග පද්ධතිය පුළුල් කර ගැනීමට.
නමුත් මාර්ග පද්ධතිය පුළුල් කර ගැනීමට ටි‍්‍රලියන ගානක මෙතරම් අති විශාල ධනස්කන්ධයක් වියදම් කරලත් අපට හැකියාව ලැබුණේ නැහැ. මොකද මාර්ග පද්ධතිය පුළුල් වනවාට වඩා වැඩි සීග‍්‍රතාවයකින් වාහන පුළුල් වීම නිසා. දැනටමත් කොළඹ නගර සභා සීමාවේ පමණක් මාර්ගවලට යටවෙලා තිබෙන ප‍්‍රමාණය එහි ඉඩම් ප‍්‍රමාණයෙන් 15% ක්. කොළඹ නගර සභා බල ප‍්‍රදේශයට ඇතුළුවන වාහන ප‍්‍රමාණය තදබදයකින් තොරව පාලනය කිරීමට නම් ඒ කියන්නේ ආසන්න වශයෙන් පැයට කි.මි. 30 ක වේගයෙන්වත් කොළඹ නගරයේ ගමන් කිරීමට නම් මේ මාර්ග ප‍්‍රමාණය ආසන්න වශයෙන් තුන් ගුණයක් විය යුතුයි. එය කරන්න පුළුවන් කමක් දැන් තිබෙන තත්වය හමුවේ කෙසේවත් අපට හැකියාවක් නැහැ. ඒ නිසා අපි වෙනස් උපාය මාර්ගයකට යා යුතුයි කියලා. මේ රජය 2015 දී මහාමාර්ග අමාත්‍යාංශය, ප‍්‍රවාහන අමාත්‍යාංශය සහ අලූතෙන් ඇති කළ අපගේ මහානගර අමාත්‍යාංශය අපි එකතු වෙලා අලූත් මූලික සැලසුමක් අපි ඇති කරන්න කටයුතු කළා මේ මාර්ග කි‍්‍රයාදාමය වැඩිදියුණු කිරීම සඳහා. එතනදි අපි පළමුවෙන්ම ජයිකා ආයතන වගේම කොයිකා ආයතනය, මොරටුව විශ්ව විද්‍යාලයේ ප‍්‍රවාහන අංශය, ඒ වගේම ජාතික ප‍්‍රවාහන ආයතනවල තිබිච්ච දත්ත, සංඛ්‍යාලේඛන සහ අනාගත පුරෝකථනයන් පිළිබඳව පළවෙනි හැදැරීම කලා. ඊ ළඟට බස්නාහිර මහානගර සැලැස්මට අනුකූලව අනාගතයේ ගොඩනැගෙන නගරවල ඇතිවන ජනාවාස ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරියේ සැළසුම්, මාර්ග සංවර්ධන අධිකාරියේ අනාගත සැළසුම් යනාදිය ආදි මේ සියල්ලම ගත්තහම අපට පැහැදිලි උනා තවත් දශක එකහමාරක් ඇතුළත මේ මගීන් ප‍්‍රමාණය දෙගුණයක් වන තත්වයට පත් වෙනවා. ඊට සම්බන්ධ වූ ප‍්‍රවාහන උපාය මාර්ගයක් අපි සකස් කරගත යුතුයි කියලා.
ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියත්, අපේ අමාත්‍යාංශයත් එකතු වෙලා දැනට තිබෙන අධිවේගී මාර්ග පද්ධතියට සබැඳියා මාර්ග පද්ධතියක් අද ඇතිකර තිබෙනවා. විශේෂයෙන්ම ආසියානු සංවර්ධන බැංකුව යටතේ නව කැළණි පාලම හරහා වරාය නගරය දක්වා ඉහලින් දිව යන මාර්ගයක් ඉදිවෙමින් තිබෙනවා. ඒ වගේම ඒ මාර්ගය අනාගතයේදී කොටුව බස්නැවතුමත් ඒ වගේම දුම්රිය ස්ථානයත් එක්කම ගොඩනැගෙන ප‍්‍රධාන බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයට ලබන වසරේ සිට විවෘත වෙනවා. ඊ ළඟට කැළණිය හරහා ඔරුගොඩවත්තෙන් රාජගිරිය ්‍යීඊක් එක ගාවටත්, එතනින් බත්තරමුල්ල පාර්ලිමේන්තු මන්සන්දියටත්, එතනින් කඩුවෙලටත් මේ අධිවේගී මාර්ග පද්ධතිය අපි සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ අමාත්‍යාංශය යටතේ බත්තරමුල්ලේ අති දැවැන්ත බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයක්, දුම්රිය, බස් රිය සහ පුද්ගලික වාහනවලට එකවිට ගොඩවෙන්න පුළුවන් ස්ථානයක් ඉදිකිරීම් කටයුතු අපි පුද්ගලික අංශයත් සමග මේ වසරේදී ආරම්භ කර තිබෙනවා.
ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා, වෙනත් ක්‍ෂෙත‍්‍රවලත්, වෙනත් පළාත්වලත් මේ සබැඳියාව ඇති කරන්න. එහි පියවරක් හැටියට අතිගරු ජනාධිපතිතුමා අතින් මේ 31 වෙනිදා, 2015 දෙසැම්බර් මාසයේ වැඩ ආරම්භ කරපු ඒ බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය මාකුඹුරේ විවෘත වෙනවා. එමගින් කැළණිවැලි දුම්රිය මාර්ගයත්, 138 හයිලෙවල් පාරේ බස්රථ මාර්ගයත්, ඒ වගේම එතනින් ආරම්භ වෙන අධිවේගී මාර්ග පද්ධතියට ප‍්‍රවේශය, ගාල්ල, මාතර, කෙරවලපිටිය, කඩවත බස්රථ මාර්ගයත් එකම බහුවිධ මධ්‍යස්ථානයකින් හැසිරවීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම ගරු ප‍්‍රවාහන ඇමතිතුමා කටයුතු යොදලා තිබෙනවා එදිනට නවීන බස්රථ සේවාවක් එම ස්ථානයෙන් ආරම්භ කරන්න.
මේ රටේ මගී ප‍්‍රවාහනයේ 99.9% ක්ම දුවන්නේ මගීන් ගෙනයන බස්රථ නෙමෙයි. ලොරි චැසිවලට සීට් හයිකරපු බස්රථ තමයි මේ රටේ තිබෙන්නේ. මේ රටේ නියම මගී ප‍්‍රවාහන බස්රථ සේවාවක් ඉදිරියේ අවශ්‍යයි. තවදුරටත් මේ බස්රථ ප‍්‍රමාණය එන්න එන්න වැඩි කිරීමෙන්, බස් පර්මිට් දීමෙන් මේ ප‍්‍රශ්නය විසඳෙන්නේ නැහැ. මේ රටේ, මධ්‍ය ආදායම් සහිත රටක ජනතාවට ගමන් කරන්න පුළුවන් පෞද්ගලික මෝටර් රථයට, තී‍්‍රවීල් එකට, මෝටර් සයිකලයට ගිහින් තමන්ගේ ප‍්‍රවාහන සේවාව සපයා ගන්න පුළුවන් අයට තමන්ගේ ආත්ම ගරුත්වය ඇතිව යන්න පුළුවන් බස්රථ සේවාවක් අපි විසින් දියත් කළ යුතුයි අපේ ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රයේ. ඒ අනුව සැලකිය යුතු සංවාදයකින් පසුව අපි 2017 දී තීරණය කලා මේ රටට සුදුසු කි‍්‍රයාදාමය වන්නේ බස් සීග‍්‍රගාමී සේවාවක් ඇති කිරීමත් ඒ වගේම සැහැල්ලූ දුම්රිය පද්ධති සේවාවක් ඇති කිරීමත් කියන එක අපි තීරණය කලා.
ඒ අනුව අපි ඒ සඳහා මූලික වැඩකටයුතු ආරම්භ කලා. විශේෂයෙන්ම බස් ප‍්‍රවාහන සේවාව වැඩිදියුණු කර ගැනීම සඳහා ප‍්‍රවාහන අමාත්‍යාංශයත් සමග අපි පියවර ගණනාවක් ගත්තා. ඒ සඳහා ගරු නිමල් සිරිපාලද සිල්වා මැතිතුමා සමග ඉතාම සහයෝගයෙන් ඒ කටයුතු අපි දියත් කලා. එහි පළවෙනි පියවර හැටියට අපි කොයිකා ආයතනයත් සමග අධ්‍යයනයක් කරලා බස් ප‍්‍රමුඛතා මංතීරු හඳුන්වා දුන්නා කි.මි. 40 කට. එහි කිසියම් සාර්ථකත්වයක් ගාලූ පාරේ අපට ලැබී තිබෙනවා. මෙහි දෙවෙනි පියවර වන්නේ මහජනයාට යන්න පුළුවන් ලෝ ෆ්ලෝ බස් සේවයක් නියම මගී ප‍්‍රවාහන බස් සේවයක් මේ මාර්ගවල ගමන් කිරීමයි. මම හිතන්නේ ප‍්‍රවාහන අමාත්‍යාංශයෙන් ඒ සඳහා අවශ්‍ය පියවර ඉදිරි කාලයේදී තබනවා ඇති.
ඒ වගේම ඊ ළඟට අන්තර්ජාලය මගින් පාලනය වෙන බස් සේවාවක අවශ්‍යතාවය අපට දැනෙනවා. දැන් එහි පළවෙනි පියවර අපි තියලා තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාතේ ප‍්‍රවාහන අධිකාරියත් සමග කටයුතු කරලා එතුමාගේ සම්බන්ධිකරණ ලේකම් එරික් වීරවර්ධන මැතිතුමාගේ මූලිකත්වයෙන් සෙමා ආයතනයේ අනුග‍්‍රහයෙන් අපි මාස තුනක නියමු ව්‍යාපෘතියක් මධ්‍යම පලාතේ කි‍්‍රයාත්මක කළා සහසර නමින්. එමගින් අපි උත්සාහ කළේ අන්තර්ජාලය හරහා බස් රථය, බස් රියදුරා, බස් කොන්දොස්තර, බස් අයිතිකරුවා මේ සියළු දෙනාවම එක්තරා නිෂ්චිත කාලසටහනකට අනුව පුද්ගලික, ලංගම කියන බස් සේවාවන් දෙකම ඒකමතික කරලා ගමන් කරන්න. ඒකෙන් අපට අත්දැකීම් ලැබී තිබෙනවා. ඒ අත්දැකීම් පදනම් කරගෙන එය ඉදිරියේදී මුලූ රටපුරාම ගමන් කරවීමට කටයුතු කරනවා. මෙයට තිබෙන ප‍්‍රධාන බාධාව අපේ මහබැංකුව විසින් ප‍්‍රධාන වශයෙන් මේ රටේ ඉලෙක්ට්‍රොනික ගණු දෙනු කිරීම සඳහා අවශ්‍ය කරන ඒ පේව්මන්ට් ප්ලැට් ෆෝම් එක ඇතිකර ගැනීමට අපට නොහැකිවීම නිසා තමයි මේ ගැටළුව ඇතිවෙලා තිබෙන්නේ. නැත්නම් අද එකම කාඩ්පතකින් ප‍්‍රවාහන අවශ්‍යතාත්, පාරිභෝගික අවශ්‍යතාත් ඉෂ්ඨ කර ගැනීමට හැකියාව ලැබෙනවා. දැනටමත් ජංගම දුරකතන සේවාවක් මගින් තමයි ඒ මධ්‍යම පලාතේ එම නියමු ව්‍යාපෘතිය කෙරුණේ. අපි ඉදිරියේ බලාපොරොත්තු වෙනවා අඩු ගණනේ ඒ ක‍්‍රමයටවත්, ජංගම දුරකතනය, සුහුරු දුරකතනය පාවිච්චි කර මේ ප‍්‍රවාහන ක‍්‍රියාවලියට අර පේව්මන්ට් ෆ්ලැට් ෆෝම් එක ඇති වෙනකන් ගමන් කරන්න.
ගරු කථානායකතුමනි, මේ රටේ 1960 දී දුම්රිය සේවය ඒ අවස්ථාවේ ඇති වූ, විශේෂයෙන්ම එංගලන්තයේ වාණිජ වැවිලිකරුවන්ගේ ප‍්‍රයෝජනය තකා. ඒ අනුව පවුම් 30,000 ක පමණ ලාභ උපයන ක‍්‍රියාදාමයක් හැටියට තමයි පටන් ගත්තේ. අපි දැන් ආරම්භ කර තිබෙනවා සැහැල්ලූ දුම්රිය පද්ධති 4ක් ගෙන එන්න. මුලින් මේක 7 ක් තිබුණා. අපි ඒක 4 ක් කළා. විශේෂයෙන්ම දම්පාට මංතීරුව, මාලබේ, බොරැල්ල සිට කොටුව දක්වා යන්නේ. කි.මි. 15.2 ක්. ඒ සඳහා ජපාන ආධාරය ලැබෙනවා. එය සියය දශම එකක පොලියට ලැබෙන එකක්. අපි එය අත්සන් කර තිබෙනවා. වසර 12ක් යනකන් ඒ ණය ගෙවන්න අවශ්‍ය නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ඒ වසර 12 ඇතුළත මේ සැහැල්ලූ දුම්රිය මංපෙත ලාභ උපයන, තමන්ගේ ණය ගෙවන තත්වයකට පත් වෙයි කියලා. ඒ අනුව ඒක මේ රටේ ජනතාවට බදු ගෙවන්න වෙන තත්වයක් ඇතිවෙන්නේ නැහැ. ඊ ළඟට රතු මංපෙත රාගම කඩවත, කොටුව සහ කිරුළපන දක්වා, ඊ ළඟට කොළ මංපෙත මොරටුව, පිළියන්දල, නුගේගොඩ, බොරැල්ල, කැළණිය දක්වා සහ නිල් මංපෙත කොට්ටාව, කොස්වත්ත, අංගොඩ, හුණුපිටිය දක්වා. මේ මංපෙත් වලින් දම් මංපෙත රජයේ ආධාරයෙන්, ජපන් තාක්ෂණයෙන් ජපන් ආධාර ඇතිව ඉදිවෙනවා. එහි වැඩකටයුතු දැනටමත් අපි ආරම්භ කර තිබෙනවා. මැයි මාසයේ එහි කටයුතු දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එහි වැඩකටයුතු 2024දි අවසන් වෙන්න නියමිතයි.
අනෙකුත් මංපෙත් 3 ම අපි පෞද්ගලික අංශයේ සහ රජයේ හවුල්කාරීත්වය මත දියත් කරන්න යන්නේ ආර්ථිකයට බරක් නොවන ආකාරයට මේ සියල්ලේම ශක්‍යතා අධ්‍යනයන් දැන් සැලකිය යුතු ප‍්‍රමාණයකට අවසන්. පරිසර අධ්‍යනයන් අවසන්, ඉඩම් අත්පත් කර ගැනීම් අවසන්. අපේ අමාත්‍යාංශය මෙහිදී කරන්නේ භාරකාර කටයුත්තක් පමණයි. අනාගතයේදී නව නීතිරීති ගෙනල්ලා, අනපනත් ගෙනල්ලා ප‍්‍රවාහන අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අමාත්‍යාංශය, නාගරික සංවර්ධනය මේ හැම ක්‍ෂෙත‍්‍රයකටම අදාල වන විදිහේ නව පරිපාලනයක් සමග මේ කටයුතු සිදු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා පක්ෂ පාට භේදයෙන් තොරව මේ සියළු අමාත්‍යාංශ ජයගත යුතුම අභියෝගයක් තමයි මහාපාරේ ඇතිවෙලා තිබෙන ප‍්‍රවාහන අභියෝගය. එය ජයගැනීම අලූත් ඇමතිතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප‍්‍රාර්ථනා කරනවායි කියා පැවසීය.
Home
/
Political News
/
මගී ප‍්‍රවාහනයේ 99.9% ක්ම ලොරි චැසිවලට සීට් හයිකරපු බස්රථ. - අමාත්‍ය පාඨලී චම්පික.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment