ජවිපෙ ජනපති අපේක්ෂකයා සරසවි ඇදුරෙක්?


ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරයකු සිය අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට ඉඩ ඇතැයි වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් ජ.වි.පෙ. ජ්‍යෙෂ්ඨයන් පක්ෂයට ලැදි විශ්වවිද්‍යාල ආචාර්යවරැන් හා වෘත්තිකයන් ගණනාවක් සමඟ දැනටමත් සාකච්ඡා පවත්වා ඇතැයි කියැවේ. තවමත් මේ ගැන අවසන් තීරණයක් ගෙන නැත. කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඉදිරිපත් නොකෙරෙන බව දේශයට වාර්තාවෙයි.

ජනපතිවරණය නිල වශයෙන් ප්‍රකාශ කෙරෙනතුරැ අපේක්ෂකත්වය පිළිබඳ හෙළිදරව් නොකිරීමටද ජ.වි.පෙ. තීන්දු කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment