සමෘද්ධි බැංකුව වෙනත් බැංකුවක් යටතට?


වැටුප් සහ තවත් ගැටලූ කිහිපයක් සම්බන්ධයෙන් විසඳුම් ලබා දෙන්නැයි ආණ්ඩුවට බල කරමින් රටපුරා සමෘද්ධි බැංකුවල සේවකයින් අද (16) ආරම්භ කර ඇති වැඩ වර්ජනය සම්බන්ධයෙන් ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා නීති විරෝධී කටයුතුවල යෙදීම අනුමත නොකරන බව කියා සිටී.

සේවාවන් කඩාකප්පල් කරන්නේ නම් සමෘද්ධි බැංකු සියල්ලම ලංකා බැංකුවට හෝ මහජන බැංකුවට ආදේශ කිරීමට සිදුවන බව ද ඔහු කියා සිටී.

වැටුප් තල සකස් කෙරෙන්නේ සියලූ දෙනාට සාධාරණයක් වන පරිදි බවද මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment