ජනාධිපතිවරණයට එජාපෙන් රනිල් ඒකමතිකව ස්ථීරයි?
එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකත්වය සදහා වත්මන් අග්‍රාමාත්‍ය සහ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කිරීමට නියමිත බව එම පක්ෂයේ වෙබ් අඩවියක් විසින් වාර්තා කර තිබේ.
එම වාර්තාව පහතින්,
මේ සම්බන්ධව පක්ෂයේ ඉහළ පෙළේ නායකයන් රැසක් ඒකමතික එකගතාවය පළකර ඇති බවත් එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
ඔවුන්ගේ මතයවී තිබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හැර වෙන කිසිවෙකුට පක්ෂය මෙන්ම බාහිර බලවේග එක්කොට ගෙන එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාවක් නොමැති බවය.
සුළු ජාතික පක්ෂ සහ සමාජයේ මත හදන මධ්‍යම පංතිය
එසේම සුළු ජාතික පක්ෂ සහ සමාජයේ මත හදන මධ්‍යම පංතියේ ආකර්ශනය ඇත්තේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට බවද ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ ප්‍රකාශකයකු සදහන් කර සිටියේ රටේ ආර්ථික දැක්ම, ස්ථාවර ජාතික සමගියක් රට තුළ ස්ථාපිත කිරීම මෙන්ම රටට මේ මොහොතේ තීරණාත්මකව වැදගත් වන සමාජ ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් දැක්මක් තිබෙන සහ ඊට අවංකව කැපවෙන නායකයා ද රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා බවය.
එසේම ජනාධිපතිවරණය සදහා විවිධ පාර්ශවයන්ගේ නම් මාධ්‍ය හරහා පළවූවත් ඒ පෞද්ගලික න්‍යායපත්‍ර අනුව නිර්මාණය කරවූ පුවත් පමණක් බවත් ඒ හැර ඒවා රට හෝ පක්ෂය ගැන සිතා පළකරන පුවත් නොවන බවත් වාර්තා ඔහු පවසයි.
[UNPPakshikaya.com]
0 comments :
Post a Comment