ඉන්දීය ආරක්ෂක ගිවිසුමට චීනයෙන් කොක්කක්?


ඉන්දීය රජය සහ ශ්‍රී ලංකාව ජාතික ආරක්ෂාව උදෙසා ආධාර සැපයීමේ ගිවිසුමකට එළැඹීමට ගත් තීරණය සම්බන්ධයෙන් චීන රජයේ විරෝධය පළ කෙරෙනු ඇතැයි ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික ආරංචිමාර්ග දේශයට පැවසීය.

පසුගියදා මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රා මහතා ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තර කිරීම සඳහා වසර 5ක් වෙනුවෙන් රුපියල් කෝටි 105ක මුල්‍ය ආධාරයක් පිරිනැමීමේ ගිවිසුමකට එළඹුණි.

මෙකී මුල්‍ය ආධාරය උපයෝගී කරගත හැක්කේ ශ්‍රී ලංකාව වටා සමුද්‍රීය ආරක්ෂාව තර කිරීමටය. අධි තාක්ෂණික නාවික යාත්‍රා මගින් ශ්‍රී ලංකා මුහුදු කලාපය මුරකිරීම, මත්ද්‍රව්‍ය පාලනය ආදී කටයුතු වෙනුවන් මෙකී ආධාරය උපයෝගී කරගත හැක.

මෙයින් තම පාලනය යටතේ පවත්නා හම්බන්තොට වරායට පැමිණෙන හා පිටත් වන යාත්‍රා ද නිරීක්ෂණයට අවකාශ සැලසෙන නිසා චීන රජය මෙයට විරෝධය පළ කරනු ඇති බව ඒ ගැන අප සමඟ කරැණු දැක්වූ රාජ්‍යතාන්ත්‍රික අංශ ප්‍රකාශකයකු සඳහන් කළේය. චීනය විරෝධය පළ කළද අසල්වැසි ඉන්දියාව ගිවිසුම ප්‍රකාරව සිය කටයුතු සඳහා ළඟදීම අදාළ අරමුදල් නිදහස් කරනු ඇතැයි දැනගන්නට ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment