NDB සභාපතිධූරයට සාගලගේ අයියා, කාවන් රත්නායක.
ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සභාපතිධූරයට කාවන්තිස්ස ධනුද්ර වීරවර්ධන රත්නායක මහතාව පත් කර ඇත. NDB අධ්යක්ෂ මණ්ඩල තීන්දුවකට අනුව පෙරේදා (18) එම පත් කිරීම සිදුකර තිබේ.
හිටපු සභාපති ආනන්ද විජේතිලක අතුකෝරළ මහතා පසුගිය 17 වැනි දින විශ්‍රාම ගැනීමෙන් අනතුරුවයි කාවන්තිස්ස රත්නායක මහතා එම ධූරයට පත්වන්නේ.
ඔහු NDB හි ස්වාධීන අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙසද කටයුතු කරමින් සිටියේය.
කාවන්තිස්ස රත්නායක මහතා අමාත්‍ය සාගල රත්නායක මහතාගේ සොහොයුරා වන අතර ඔහු ලේක්හවුස් ආයතනයේ සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිධූරය ද දැරීය.
එමෙන්ම වරාය අධිකාරියේ සභාපති ධූරයටද ඔහුව පත් කෙරුණේ සිය සහෝදරයා වන අමාත්‍ය සාගල රත්නායක මහතා විසිනි.
NDB කොටස්කරුවන් 20 දෙනෙකුගෙන් සමන්විත පෞද්ගලික වාණිජ බැංකුවකි.
0 comments :
Post a Comment