චීවරධාරියකු 13 හැවිරිදි දැරියකට කල අපරාධය

අවුරුදු 13 ක පාසැල් සිසුවියකට අස්වාභාවික ලිංගික අතවරයක් සිදු කල බවට චෝදනා එල්ලවු චීවරධාරියකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොට්ටුකච්චිය ප්‍රදේශයේ විහාරස්ථානයක සිටි මෙම චීවරධාරියා 37 හැවිරිදි අයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

පසුගිය 27 වැනිදා පෙරවරුවේ සැකකරු සිටි විහාරස්ථානය තුලදී මෙම අපරාධය සිදුව ඇතැයි පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

13 හැවිරිදි දැරිය තමන්ට සිදුවු අතවරය පිළිබඳ සිය දෙමව්පියන් දැනුවත් කර ඇත්තේ පසුගිය දෙවැනිදායි.

ඒ අනුව ඇය ප්‍රතිකාර සඳහා පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

රෝහල් ගත කල දැරියගෙන් රෝහල් පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන පසුව පුත්තලම පොලිසිය දැනුවත් කර තිබෙනවා.

ඒ අනුවයි සැකකාර චීවරධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment