ශබ්දයේ වේගයටත් වඩා වේගවත් ගුවන් යානය!

නාසා ආයතනය නවතම සුපර්සොනික් වර්ගයේ මගී ගුවන් යානාවක් නිර්මාණය කිරීමට තීරණය කර තිබේ.

එම ආයතනය පසුගිය (29) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශබ්දයේ වේගයට වඩා වේගයෙන් ගමන් කළ හැකි ගුවන් යානයක් සැලසුම් කිරීමේ කටයුතු ආරම්භ කළ බවයි.

මෙම ගුවන් යානයේ ඇති විශේෂත්වයක් වන්නේ අනිකුත් සුපර්සොනික් වර්ගයේ ගුවන් යානාවල ඇති අධික ඝෝෂාකාරී ශබ්දය අවම කිරීම සඳහා විශේෂ තාක්ෂණයක් යොදාගැනීමයි. ඔවුන් මෙය නම් කර ඇත්තේ “low boom” තාක්ෂණය ලෙසයි.

මීට පෙර තිබූ සුපර්සොනික් වාණිජ මගී ගුවන් යානා 2003 වර්ෂයේ නවතා දමනු ලැබුවේ 2000 වර්ෂයේ විශාල පිරිසකට මාරු කැදවමින් සිදුවූ ගුවන් අනතුරකින් පසුවයි. මෙහි පවතින අධික ශබ්දය හේතුවෙන් මුහුදට ඉහළින් පමණක් යාත්‍රා කිරීමටද නිර්දේශ කර තිබුණි.
(under the courtesy of adaderana news web)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment