HIV ප්‍රශ්නය නිසා පාසැලක් අහිමිවුණු කුලියාපිටිය සිසුවාට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අවස්ථාවක් හිමිවෙන ලකුණු

සිය පියා HIV රෝගී තත්වයෙන් මියයෑම හේතුවෙන් පසුගියදා කුලියාපිටිය ප්‍රදේශයේ පාසැල් දරුවෙකුව පාසැලට ඇතුලත් කරගැනීමට එම පාසැලේ අනෙක් සිසු සිසුවියන්ගේ දෙමාපියන් දැඩි විරෝධයක් එල්ලකර සිටියා. ඒ අනුව ඔහුට ලබාදුන් දෙවන පාසැලෙන්ද එළියට එන්නට වුණේ යන්නට පාසැලක් නොමැතිවයි.

කෙසේ නමුත් මේ වන විට  ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙන්නේ එම සිසුවාට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබාදෙන්නට එම පාසැලේ ආදි සිසුන් පිරිසක් සාකච්ඡා කරමින් පවතින බවයි.


පාසැලේ බලධාරීන් සමඟින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන අතර ඔහුගේ මූලික අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුදල් අය නොකිරීමටද තීරණයක් එහිදී ගනු ඇති බවටද ආරංචි වනවා.

කුලියාපිටිය සම්බෝධි ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට මෙම සිසුවා ඇතුළත් කර ගැනීම හේතුවෙන් එම පාසලේ දෙමාපියන් සිය දරුවන් පාසලට සහභාගීකරවීමෙන් වැළකී සිටියා.

ඒ අදාළ දරුවාගේ දෙමාපියන්ට මාරන්තික රෝගයක් ඇති බව පවසමින්. කෙසේ වෙතත් මෙම ගැටලුව විසඳීමට පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුලු රාජ්‍ය සේවකයින් පිරිසක් මැදිහත් වුණා. කුලියාපිටිය සම්බෝධි ප්‍රාථමික විද්‍යාලයට මෙම දරුවා ඇතුළත් කරගෙන තිබුණේ පසුගිය බදාදායි. එම ප්‍රදේශයේම ජීවත්වන වයස අවුරුදු 6ක් වන මෙම දරුවා දැනට ජීවත් වන්නේ ඔහුගේ මව සහ මිත්තෙණිය සමඟින්.

එච්.අයි.වී ආසාදනය වීමෙන් දරුවාගේ පියා මීට අවුරුදු එකහමාරකට පමණ පෙර මියගොස් ඇති අතර මරණයට හේතුව එච්.අයි.වී. අසාදනය බව පාසලේ සෙසු දෙමාපියන් පවසන අතර ඔවුන් පවසන්නේ මවටද එච්.අයි.වී ආසාදනය වී ඇති බවයි.

මෙම දරුවා පාසලට ඇතුළත් කර ගැනීමත් සමග අනෙකුත් දෙමාපියන් සිය දරුවන් පාසලට රැගෙන ඒමෙන් වැළකී සිටියේ ඒ හේතුවෙන්. මෙම ගැටලුව විසඳීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික් ළමා රක්ෂක අධිකාරියේ සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නිලධාරීන් පිරිසක්  එම විද්‍යාලයට පැමිණියේ විශේෂ සාකච්ඡාවක් සඳහායි.


(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment