වෑන් රථයක් තුළ ගුරුවරියකට අතවර කරන්න හැදූ නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රී අත්අඩංගුවට


පාසල් ගුරුවරියකට ලිංගික අතවර සිදුකිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් ගම්පහ මහ නගර සභාවේ නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රී ෆිලීක්ස් පෙරේරා පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ගුරුවරිය පාසල් වෑන් රථය තුළ සිටියදී 64 හැවිරිදි මෙම නාගරික මන්ත්‍රීවරයා ඇයට මෙම ලිංගික අතවරය සිදුකිරීමට තැත්කර ඇති බවයි වීරගුල පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු මේ වනවිට අත්තනගල්ල අධිකරණය වෙත රැගෙනවිත් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.    


(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment