එප්පාවල රාජ්‍ය පොස්පේට් සමාගමේ පොහොර ලෙස ව්‍යාජව සකස්කර රාජාංගනය ට්‍රැක් 05 ප්‍රදේශයේ ගබඩාවක අලෙවි කිරිමට සුදානම්කර තිබු පොස්පේට් ඩබල් නමින් හැඳින්වෙන කිලෝ පනහේ පොල් පොහොර මිටි 86 ක් තඹුත්තේගම පොලිසිය මගින් කළ වැටලිමකදි පෙරේදා (2) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය මස 09 දා තඹුත්තේගම පොලිසිය ඉදිරිපිට වෙළෙඳ සලක අලෙවිකරමින් තිබු පොස්පේට් සමාගමේ නම සැකසු ඇසුරුම්වල ව්‍යාජව සකස් කළ පොල් පොහොර අලෙවි කිරිමේදි පොහොර මිටි 13ක් අත්අඩංගුවට ගනු ලැබු අතර ඒ පිළිබඳ තඹුත්තේගම පොලිසිය කළ වැඩිදුර විමර්ශනවලදි හෙළිවු තොරතුරු මත පෙරේදා (02) දා ඉතිරි පොහොර තොගය ද අත්අඩංගුවට ගෙන තිබේ.
තම සමාගමේ නම යොදාගනිමින් ව්‍යාජව සකස් කළ පොල් පොහොර වෙළෙඳ සල්වලට අලෙවි කළ බවට චෝදනා ලැබු එප්පාවල පොස්පේට් සමාගමේ සේවකයන් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරිමට ද මේ වන විට රාජ්‍ය පොස්පේට් සමාගමේ පාලන අධිකාරිය කටයුතු කර තිබේ.
එම ව්‍යාජ පොල් පොහොර ඇසුරම් කළ බෑග් මිට මාස හයකට පෙර රාජ්‍ය පොස්පේට් සමාගම විසින් භාවිතයෙන් ඉවත් කළ ඇසුරුම්වලට සමානව සකස්කර තිබෙන අතර එම බෑග්වල සටහන්කර ඇති දුරකතන අංකයන් ද ව්‍යාජ ඒවා බව පොලිසිය කළ විමර්ශනවලදි හෙලිකරගෙන ඇත.
එම ව්‍යාජ පොහොර රාජාංගනය ගබඩාවට ගෙනවිත් ඇති දැනට පොස්පේට් සමාගමේ වැඩ තහනමට ලක්කර ඇති සේවකයාට අයිති බව කියන ලොරි රථයක් ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ ව්‍යාජව පොස්පේට් සමාමේ නම සඳහන් කරමින් පොල් පොහොර අලෙවිකරන වෙළෙඳසල් සියල්ල වැටලිමට ද මේවන විට තඹුත්තේගම පොලිසිය සැලසුම්කර තිබේ.
තඹුත්තේගම කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි පරාක්‍රම ඒකනායක මහතාගේ උපදෙස් මත තඹුත්තේගම මුලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක මොහොමඩ් නියාස් මහතා ගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩි.එම්.එස්.බි.දිසානායක මහතා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් මේ වැටලිම සිදුකර ව්‍යාජ පොල් පොහොර තොගය අත්අඩංගුවටගන තිබේ.
තඹුත්තේගම පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබු පොස්පේට් සමාගමේ නම ව්‍යාජව සකසා අලෙවි කිරමට සුදානම්නර තිබු පොල් පොහොර තොගයෙන් කොටසක්.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

0 comments :
Post a Comment