ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 1.5ක්

අන්තර් ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක මූල්‍යාධාරයක් ලබාදීමට එකඟ වී තිබෙනවා.

ගෙවුම් ශේෂ හිඟය වළක්වා ගැනීමට සහ විදේශ සංචිත වර්ධනය කරලීම සඳහා එම මූල්‍යාධාරය යොදා ගැනෙනු ඇති.

රජය ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2ක මූල්‍යාධාරයක් අපේක්ෂා කළ බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ.

එහෙත් දැන් එමගින් ඩොලර් බිලියන 1.5ක මූල්‍යාධාරයක් අනුමත කර ඇති අතර, එය විදේශ සංචිත ශක්තිමත් කිරීම සඳහා යොදා ගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

කෙසේ නමුත් රජයේ ආදායම් ඉහළ නැංවීම සඳහා සිදුකළ යුතු බදු සංශෝධන ඇතුළු ණය මුදලේ කොන්දේසි තවදුරටත් සාකච්ඡා මට්ටමේ පවතින බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment