නිට්ටඹුවේදී සැමියා ඝාතනය කළ බිරිඳ අධිකරණයට

නිට්ටඹුව -  ඕර්චඞ්වත්ත ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ 37 හැවිරිදි පුද්ගලයෙක්.

තමන් සිය සැමියාගේ හිසට යකඩයකින් පහරදී ඔහුව ඝාතනය කළ බවට අත්අඩංගුවට ගත් කාන්තාව පොලීසියට පාපොච්චාරණයක් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

බීමත්ව නිවසට පැමිණි අවස්ථාවේදී තමන් මෙලෙස පහරදී සැමියා ඝාතනය කළ බවත් ඇය සඳහන් කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය අද අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment