රනිල්ගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.

මෙරට ආර්ථික තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙම විශේෂ ප්‍රකාශය සිදු කරනු ඇති බව වාර්තා වෙයි.

මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට නියමිත ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ද විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ඇත.

රටේ  වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සහ ණය බර පිළිබඳ සාකච්ඡා කිරීමට විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් පසුගිය සිකුරාදා පැවැත්වුණි.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා පසුගිය ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියේ තමන් මෙරට ආර්ථික තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවයි.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා හෙට(07) දිනයේදී අදාළ ප්‍රකාශය සිදු කිරීමට නියමිතය.

මේ අතර මේ වන විට යළිත් වරක් බදු සංශෝධනයක් සිදු කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment