යුද්ධයෙන් ඉඩම් අහිමි වු තෙලිප්පලේ සහ කෝපායි ප්‍රදේශවල ඉඩම් අක්කර 701ක නැවත එම ජනතාවට පවරා දී තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඔවුන්ට ඉඩම් ඔප්පු ලබාදීම තෙලිප්පලේ නඩේෂ්වරා මහවිද්‍යාලයේ දී ඊයේ(13) සිදුකෙරුණි.
ඒ අනුව මෙතෙක් ආරක්ෂක හමුදා භාරයේ පැවති කෝපායි ප්‍රදේශයේ සියලු ඉඩම් මුදාහැරීම සම්පූර්ණ වී තිබේ.
එමෙන්ම යුධ සමයේ ආරක්ෂක හමුදාවන්ගේ ප්‍රයෝජනය සඳහා පවරා ගෙන තිබු නඩේෂ්වරා මහා විද්‍යාලය සහ කණිෂ්ට විද්‍යාලය යළි එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා හිමිකම් පත්‍ර විදුහල්පතිවරුන් වෙත භාර දීම ද ජනාධිපතිවරයා විසින් සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
යුද්ධයෙන් අවතැන් වු ජනතාවට නිවාස 65000ක් ඉදිකරදීමේ ව්‍යාපෘතිය යටතේ තෙලිප්පලෙයි ඉදිකෙරුණු ආදර්ශ නිවාසයක් නිරීක්ෂණය කිරීමට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වී තිබේ.
එහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ කිසිදු භේදයකින් තොරව සියලු ජනතාවගේ අයිතිවාසිකම් රැකදීමට රජය කටයුතු කරන බවයි.
උතුරේ ජනතාවගේ ඉඩම් අයිතිය නැවත ලබාදෙමින් ඔවුන් මුල්ගම්බිම්වල පදිංචි කරවීම රජයේ ප්‍රමුඛ කාර්යයක් ලෙස සළකා කටයුතු කරන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදි ප්‍රකාශ කර තිබේ.
උතුරේ අහිංසක ජනතාව කඳවුරුවල ගත කරන දුක්ඛිත ජීවන තත්ත්වය දැකබලා ගැනීමට පැමිණෙන ලෙස මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන අන්තවාදී පිරිස් වෙත ජනාධිපතිවරයා ඇරයුම් කළ බව එම මාධ්‍ය අංශය සඳහන් කළේය.

0 comments :
Post a Comment