චමින්දට වෙඩි තැබීම ගැන රංජන් කතා කරයි

චමින්ද ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද නමැත්තාට ඉකුත්දා කෙරුණු වෙඩි තැබීමෙන් වාසි සැලසෙන්නේ ඉකුත් ආණ්ඩුවේ ප‍්‍රබලයන්ට බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායන මහතා පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ මෑත දී සිදු වූ වෙඩි තැබීම් සහ වෙනත් අපරාධ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදීයි.

 කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ති‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ ඉකුත් ආණ්ඩුව සමයේ අඩපණ වී තිබූ පාතාලය නැවත හිස ඔසවා ඇත්තේ වත්මන් ආණ්ඩුව යටතේ බවයි.

 ආයුධ පුහුණුව ඇති පිරිස්වලට ශී‍්‍ර ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාදීමටද වත්මන් ආණ්ඩුව කි‍්‍රයා කර ඇතැයි නෙත් නිවුස් කළ විමසීමේදී ඔහු කියා සිටියා.

පාතාලය සම්පූර්ණයෙන් නැතිකර දැමීමට කිසිදු ආණ්ඩුවකට නොහැකි බව මීට ප‍්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කියා සිටියා.

සැකකරුවන් නීතියට පටහැනි ලෙස ඝාතනය කිරීමට නොහැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.
 
ආයුධ පෙන්වීමට යැයි රැගෙන ගොස් සැකකරුවන් ඝාතනය කළ බවට ඉකුත් සමයේ පොලිසියට දිගින් දිගටම චෝදනා එල්ල වුණා.

 ආයුධ අතැතිව සිටින පිරිස් නිරායුධ කිරීම සඳහා ආණ්ඩුව කඩිනමින් කි‍්‍රයා කළ යුතු  බවද බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී අවධාරණය කළා.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment