උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ වගකීම රට හැරයාම නොව රට ගොඩනැඟීමට එක්වීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා අවධාරණය කළේ පෞද්ගලික ප්‍රතිලාභ මෙන්ම රටේ ජාතියේ අවශ්‍යතාවය ද හඳුනාගෙන කටයුතු කිරිම සියලු දෙනාගේ වගකීම බවයි.
කොළඹ, තුන්මුල්ල බෞද්ධ මන්දිර ශ්‍රවණාගාරයේ පැවැති රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ 39 වන මහ සභාවාරයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය.
නිදහස් අධ්‍යාපනය ලබා නිදහසේ රට හැරයාමට ශ්‍රී ලාංකික උගතුන්ට අවස්ථාව ඇති බව පැවසු ජනාධිපතිවරයා පෙන්වාදුන්නේ ලොව සංවර්ධනය කරා ගමන් කළ කිසිදු රටක එවන් අවස්ථාවක් නොමැති බවයි.
පරාක්‍රම සමුද්‍රය විවෘත කළ ආකාරයට උගතුන්ට රට හැරයාමට අවස්ථාව ශ්‍රී ලංකාව තුළ ඇති නමුත් වෙනත් රටවල මෙවැනි අවස්ථා නැති බවද, වැටුප් ගැටලු ඉංජිනේරු ක්ෂේත්‍රයට පමණක් නොව සෑම ක්ෂේත්‍රයකම පවතින්නක් බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වාදුන්නේය.
(under the courtesy of adaderana news web)

0 comments :
Post a Comment