රතුපස්වල ප්‍රදේශයේදී පානීය ජල ගැටළුවක් සම්බන්ධයෙන් පැවැති උද්ඝෝෂණයට වෙඩි තැබීමේ සිද්ධියේදී අගතියට පත් පාර්ශව සම්බන්ධයෙන් කරුණු සොයා බලා වහාම වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් උපදෙස් ලබාදී තිබෙනවා.
ප්‍රධාන කරුණු 03 ක් ඔස්සේ සිදුකෙරෙන අධ්‍යයනයකින් පසු ලබන අප්‍රේල් මස 05 වනදාට පෙර අදාළ වාර්තාව ලබාදෙන ලෙසයි ඔහු ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාට දැනුම් දී ඇත්තේ.
ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අද ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා.
ඊට දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම පොලිස් නිලධාරීන්ද එක්ව සිටි බවයි ජනාධිපති ලේකම් කාර්යාලය සදහන් කළේ.
2013 වසරේ අගෝස්තු මස පළමු වැනිදා පානීය ජලය ඉල්ලා රතුපස්වල ප්‍රදේශවාසීන් සිදුකළ උද්ඝෝෂණයට වෙඩි තැබීමේ සිද්ධියෙන් පාසල් ශිෂ්‍යයින් ඇතුළු තුන්දෙනෙකු මිය ගිය අතර තවත් පිරිසක් තුවාල ලැබුවා.
(under the courtesy of hirunews news web)

0 comments :
Post a Comment