මේ දිනවල ඔබේ විසිත්ත කාමරයට ගොඩවදින අලුත්ම තාරකාව ඇයයි. 'ආදරය ගින්දරක්' ටෙලි අන්දරය ඔස්සේ උපේක්ෂා ලෙසින් සිය දුක්බර කතාව කියන්නට වෙර දරන අහිංසකාවිය ඇයයි. ඇගේ කතාවට ඔබ සවන් දෙනවා නම් මේ තාරකාව හඳුනා ගන්නට ඔබත් කැමැති වේවි....
පුංචි තිරයට පෑයු අලුත්ම තාරකාව ඔබ නේද?
ඔව්. ඒ මම තමයි.
කවුද මේ තාරකාව කියලා එහෙනම් හඳුන්වලා දෙන්න බලන්න?
දුෂේනි මයුරංගී. ගම කුරුණෑගල. අපේ පුංචි පවුල ගැන විස්තර කරනවා නම් අම්මා තාත්තා මල්ලියි මමයි තමයි ඉන්නේ.
දුෂේනිට තරුවක් වෙන්න වරම් ලැබෙන්නේ කොහොමද?
2015 වසරේදි මිස් ශ්‍රී ලංකා ෆෝ ක්වීන් ඔෆ් ඒෂියා තරගය ජයග්‍රණය කරන්න මට වරම් ලැබුණා. ඊට පස්සේ වෙන්න ඇති මේ ක්ෂේත්‍රයට පිවිසෙන්න ලොකු කැමැත්තක් ඇති වුණේ. ඉතින් ටික කාලයකට පස්සේ ලලිත් වසන්ත මහතාගේ මාර්ගයෙන් නිල්වලා ටැලෙන්ට් ෆැක්ට්‍රි එකට බැඳෙන්න අවස්ථාව ලැබෙනවා. ඉන් පසු තමයි මේ නාට්‍යය සඳහා මා තෝරා ගත්තේ.
කැමැත්ත නිසාම ලැබුණු මුල් අවස්ථාවෙන්ම ප්‍රයෝජනය ගත්තා නේද?
අනේ එහෙම නැහැ. ස්ක්‍රිප්ට් එක කියවලා කතාව දැනගෙන දෙමාපියන්ගේ අවසරය මතයි කැමැති වුණේ.
මුල්ම දෙබස මුවින් පිටවෙද්දී දැනුණ හැඟීම වචන වලට පෙරලුවොත්?
මුලින්ම බයක් තිගැස්මක් ඇති වුණා. වචන අමතක වෙයි කියලත් හිතුණා. හැබැයි අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායමෙන් ලොකු සහායක් සහ මඟ පෙන්වීමක් ලැබුණා. අනික මට මුලින්ම රඟපාන්න තිබුණෙත් බය වුණු ජවනිකාවක් නිසා මගේ තිගැස්ම එච්චර ඉස්මතු නොවෙන්න ඇති කියලා හිතනවා.
මුල්ම රංගනය ගැන මොකද හිතෙන්නෙ?
හිතපු තරම් ලෙහෙසි පහසු නැහැ. රඟපාද්දියි ඒක තේරෙන්නේ. තවම කොටස් දහයයිනේ විකාශය වුණේ. ඉතින් මේ දක්වා ලැබෙන ප්‍රතිචාර එක්ක රංගනය සාර්ථකයි කියලා හිතෙනවා.
රංගනයේ සාර්ථක අසාර්ථක බව කියන්න තවම කල් වැඩි නැද්ද?
මගේ රංගනය සාර්ථකයි කියලා මම උදම් අනනවා නෙමෙයි. නමුත් ආධුනිකයෙක් විදිහට දැනට ලැබෙන ප්‍රතිචාර හොඳ නිසයි එහෙම කිව්වේ. ඒත් ඉදිරිය කොහොම වේවිද දන්නෑ.
රංගන ශිල්පිනියක් ලෙස දිගටම රැඳෙන්නද කල්පනාව?
මම දැනට සිමා ශිෂ්‍යාවක්. නමුත් රංගනයටත් ගොඩක් ආදරේ නිසා මේ දෙකම සමබරව කරන්නයි කල්පනාව.
එය ලෙහෙසි පහසු කටයුත්තක් යැයි සිතනවාද?
රංගන ක්ෂේත්‍රය කියන්නේ හැමදාම අලුත් වෙන තැනක්. ගොඩක් දක්ෂතා තියෙන අය දවසින් දවස එළියට එනවා. ඉතින් අලුත් කෙනෙක් විදිහට මමත් මගේ දක්ෂතා දියුණු කරගත්තොත් ඒ දක්ෂතාව සහ වාසනාවත් එක්ක මට ඉදිරියේදී රැඳෙන්න පුළුවන් වේවි.
ඒ කියන්නේ ඒ වෙනුවෙන් එන අභියෝග වලට මුහුණ දෙන්නත් දුෂේනි ලෑස්තියි?
ඔව්. දැනටමත් මම අභියෝග ගොඩකට මුහුණ දීල ජය්‍රහණය කරලයි ඉන්නේ. තව ටික දවසකින් තායිලන්තය බලා පිට වෙනවා. එයත් ක්වීන් ඔෆ් ඒෂියා කිරුළ ලංකාවට ගෙන ඒමේ අභියෝගයට මුහුණ දෙන්න.
'උපේක්ෂාට' ප්‍රේක්ෂක හදවත් වලට ළං වෙන්න පුළුවන් වේවිද?
උපේක්ෂා කියන්නේ හරිම අහිංසක, අසරණ ලොකු ඛේදවාචකයකට මැදි වෙච්ච චරිතයක්. ඒ චරිතය කරන්න මම ඒ තුළ ජිවත් වුණා ඇයට ආදරේ කළා.. ඉතින් මම වගේම ඒ අහිංසක කමට ප්‍රේක්ෂකයොත් ආදරේ කරාවි යැයි හිතනවා.
ජනප්‍රිය වුණහම කට කතා හැදෙන්නත් පුළුවන්?
ඔව්. අපි හොඳට හිටියොත් මොනවා කිව්වත් ප්‍රශ්නයක් නැහැ.
ආදර යෝජනා එහෙමත් ගලා ගෙන ඒවී?
ඔව්. ආදර යෝජනා ගලාගෙන ආවාට කමක් නැහැ. නමුත් ඒවා ගැන හිතන්නේ මට අවශ්‍ය වෙලාවට පමණයි. එතකන් ඒ හැම දේම අතේ දුරින් තියාගෙන මගේ ගමන පාඩුවේ මම යනවා.
(සිළුමිණ පුවත්පත ඇසුරෙනි)

0 comments :
Post a Comment