පාසැල් සමයේදී තමාට සියදිවි නසා ගැනීමට සිතුනු බව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවකු වන සුරේෂ් රයිනා පවසනවා. ඉන්දීය මාධ්‍ය වෙත ඔහු ප්‍රකාශ කර ඇත්තේ අධ්‍යාපනය ලැබීම සඳහා නේවාසිකාගාරවල රැඳී සිටි සමයේදී තමාට ගැටලු රැසකට මුහුණදීමට සිදුවු බවයි |
එහිදී ඇතිවු මානසික පීඩනය මත සිය දිවි නසා ගැනීමට පවා සිතුනු බවයි රයිනා පෙන්වාදී ඇත්තේ. අතීතයේදී තම ජීවිතයේ ඉතා දුෂ්කර කාලසීමාවන් පසු කිරීමට ද සිදුවු බව ඔහු ප්‍රකාශකර තිබෙනවා වසර 13 දී දුම්රියෙන් ගමන් කරමින් සිටි සුරේෂ් රයිනාගේ මුහුණට වැඩිහිටි සිසුවකු මුත්‍රා කර තිබෙනවා. එම අවස්ථාවේ නින්දට ගොස් සිටි තමාගේ අත් ගැටගසා තිබු බවයි සුරේෂ් රයිනා හෙළිකර ඇත්තේ. |
කෙසේවෙතත් අදාළ සිසුවාට පහරදී දුම්රියෙන් ඉවතට ඇද දමා තමා ඉන් බේරුනු බව ඔහු සඳහන් කරනවා. මෙවැනි දුෂ්කර කාලසීමාවන් රැසක් පසු කරමින් තමා මෙම තත්වයට පැමිණි බවයි රයිනා පෙන්වා දෙන්නේ. |
ලක්නව් ප්‍රදේශයේ ක්‍රීඩා පාසැලේ අධ්‍යයන කටයුතු සිදුකරන අතරවාරයේදී සිය දිවි නසා ගැනීමේ අදහස සිතින් ඉවත් වු බව ද ඔහු සඳහන් කරනවා |
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment