ගිනියම් අව්වේ ජීවිතය සොයා යන මවකගේ දුක හඳුනාගත් සොඳුරු මිනිසා



ඇය හැමදාම උදේට ජීවිතේ ගැටගහගන්න විදියක් හොයමින් පුංචි දරුවත් අතින් අරන් පේරාදෙණියේ ඉඳලා නුවරට පයින්ම යන්නේ ලොතරැයි ටිකකුත් අතේ තියන්. ඒ ටිකට් වලින් එක එක විකිණෙනකොට ඇයගේ හිතට පුංචි හරි සතුටක් දැනෙන්නේ අද දවසෙත් පුංචි පැටියාගේ බඩය කන්න කෑම ටිකක් අරන් දෙන්න පුලුවන් කියන දේ මතක් වෙනකොට.


මේ අම්මා හැමදාම දරුවත් අරන් කට්ට අව්වේ ඇවිදින හැටි දැකපු දාහක් දෙනා අතරේ ඇයට උදව් කරන්න ඕනි කියලා හිතපු කෙනෙකුත් හිටියා. ඒ චතුර පියසේකර. ඔහු ඒ අම්මා ළඟට ගියා. අතේ තිබ්බ ටිකට් ඔක්කොම අරන් සල්ලි වැඩිපුරත් දුන්නා. අම්මාගේ මූණට ආව හිනාවෙන්ම තේරුණා ඇය මේ කරපු උදව්වට කොච්චරනම් හිතින් සතුටුවුණා වගේම හදවතින්ම ස්තූතිවන්ත වුණාද කියලා.

මේ අම්මාගේ දරුවාත් එක්ක ඉන්න ෆොටෝ එකකුත් ගන්න චතුර අමතක කළේ නෑ. ඔහු ඒ ගැන ෆේස්බුක් එකෙත් පුංචි සටහනක් දැම්මා. එකේ තිබුණේ <strong>‘‘මම පොහොසතෙක් වෙන්න යන්නේ, ළමයෙක් අතින් අරන් පාරේ ටිකට් විකුණන අම්මා කෙනෙක් මට හම්බවුණා. ඇය හැමදාම පේරාදෙණියේ ඉඳන් නුවරට ඇවිදින්නේ ලොතරැයි විකුණමින්, ඉතින් මම ඒ අම්මාගේ අතේ තිබ්බ ලොතරැයි ඔක්කොම අරන් වැඩිපුර සල්ලිත් දුන්නා, අද දවසේවත් ඒ පුංචි පැටියා සතුටින් නිදාගනීවි කියලා මම හිතනවා  කියලා

Hiru news
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment