පොලිසිය මෙවරත් බොරුවක් කරනවා


මෙවරද තමන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අසත්‍ය චෝදනා මත බව කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කෙරුණු පාසල් සිසුවා පවසනවා.

ඔහු පොලීසිය විසින් යළි අත්අඩංගුවට ගෙන තිබුණේ හෙරොයින් මත්ද්‍රව්‍ය ළග තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. මෙම පාසල් සිසුවා මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත‍්‍රාත් ඒ.ඒ.ආර්. ආරියතිලක මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇප මත මුදා හරින ලෙසටයි නියෝග කෙරුණේ.

පාසල් සිසුවා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ තමන් මිතුරෙකුගේ නිවසේ සිටි බවත් එම ස්ථානයට පොලිසියෙන් පැමිණ තමාව සහ මිතුරාව අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ තමන් සතුව කිසිවක් නොතිබූ බවත් සඳහන් කළා.

කෙසේවෙතත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වුණේ සැකකාර පාසල් සිසුවා සතුව තිබී හෙරොයින් මිලිග‍්‍රෑම් 17ක් සොයා ගැණුනු බවයි.

 ඒ, දිවුලපිටිය පොලිසියට ලද තොරතුරකට අනුවයි. ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ තවත් දෙදෙනෙකුද සමග බවයි පොලීසිය පැවසුවේ. ඔවුන් සතුව තිබී හෙරොයින් මිලිග‍්‍රෑම් 62 ක් සොයා ගැණුනු බවද පොලීසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්.


(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment