අපිට පුළුවන් නම් තවත් කෙනෙක් සතුටු කරන්න, සතුටින් තියන්න මොන තරම් භාග්‍යයක්ද? මේක ලේසි පහසු වැඩක් නම් නෙවෙයි. කෙනකුගෙන් දෙන්නකුගෙන් සීමා නොවී මුළු ලොවක් සිනාවෙන් පුරවන්න පුළුවන්නම්, නම කියූ සැණින් මුවඟට සිනාවක් නැගෙන්ෙන්නම් ඉන් දැනෙන සතුට, වින්දනය කියලා නිමකරන්න පුළුවන්ද? අකුරැ කරන්නට පුළුවන්ද? එය ඒ තරමටම වින්දනීය හැඟීමක්.
ඒ විදිහට මුළු ලොවක් හිනස්සපු කෙනෙක් තමයි කොයි කවුරැත් දන්න, ආදරය කරන මිස්ටර් බීන්. මිස්ටර් බීන් කියූ සැණින් ඔබට ඔහුගේ ඒ ආකර්ෂණීය හැසිරීම මැවිලා පේනවා ඇති. පුංචි දරැවගෙ ඉඳලා වැඩිහිටියා දක්වාම මිස්ටර් බීන්ගෙන් සතුටු වෙනවා. ඔහු මුළු ලෝකයක්ම සිනහවෙන් තබන්න පුළුවන් වුණ කෙනෙක්. හැබැයි ඉතින් පහුගිය දවසක අපට ආරංචි වුණේ නම් හාත්පසින්ම වෙනස් කතාවක්.
මේ වෙද්දි දිවි සැරියේ හැටවැනි පියවරට මිස්ටර් බීන් පා තබලා. ඒ එක්කම විවාහයක් ගැනත් කියවෙනවා. බීන්ගේ විහිලුවල තරම දන්න අයට ඒ කතාවත් විහිලුවක් වගේ පෙනෙයි. නැහැ. සැබෑවටම 24 වසරක විවාහයට තිත තබලා ඔහු නැවත අලුත් වෙලා. මිස්ටර් බීන්ට ආකර්ෂණය වුණ ඇය තමයි “ලුයිස් ෆෝඩ්". ලුයිස් සිනමා හා ටෙලිනාට්‍ය නිළියක්. මේ වෙද්දි ලුයිස් ගත කරන්නෙ එයාගේ තිස්දෙහැවිරිදි ජීවිත පරිච්ඡේදය.
අපි හැමෝම මිස්ටර් බීන් කියලා කතා කළාට එයාගෙ ඇත්ත නම තමයි Rowan Sebastian Atkinson. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. 1955 ජනවාරි 06 වැනිදා තමයි ඔහු උපත ලබන්නෙ. 1978 වසරේදී තමයි මිස්ටර් බීන් එයාගේ රංගන දිවිය ආරම්භ කරන්නෙ.
මේ අතරතුර ඒ කියන්නෙ 1980 වසරෙදි මිස්ටර් බීන්ට කෙනෙක් මුණගැහෙනවා. ඇය තමයි සුනේත්‍රා ශාස්ත්‍රී. එයා බී.බී.සී. සේවයේ වේෂ නිරෑපණ ශිල්පිනියක්. මුළු ලෝකෙම බීන්ට ආකර්ෂණය වෙද්දී බීන් ආකර්ෂණය වුණේ සුනේත්‍රා ශාස්ත්‍රීට. ඔවුන්ගේ ආදරය මල්ඵල ගන්වමින් 1990 පෙබරවාරියේදී මිස්ටර් බීන් සුනේත්‍රා ශාස්ත්‍රී සමඟ විවාහ වෙනවා. මේ ආදරය තවත් තව තවත් දලුලමින් ලිලී දියණියත් බෙන්ජමින් පුතුත් ලොවට දායාද වෙනවා. වසර 24ක් පුරා ඔවුන් සිනහවෙන් දිවි සැරිය ගෙන යනවා. සුනේත්‍රා ශාස්ත්‍රීට ඔහු පණ මෙන් ආදරය කරනවා. නමුත් අද වෙද්දි මේ කතාවේ වෙනත් පිටුවක් පෙරළිලා. 24 වැනි දිවි සැරියට ඔහු සමුදීලා අලුත් ජීවිතයක් ආරම්භ කරලා. ලෝකයක් හිනස්සපු ඔහු සුනේත්රාගේත්, ලිලීගේත්, බෙන්ජමීන්ගේත් ඇස්වලට කඳුළු ගෙනල්ලා.
සුනේත්‍රාගෙන් වෙන් වෙන බව මිස්ටර් බීන් මාධ්‍යයට අනාවරණය කරලා තිබුණත් ඒ කතාව කවුරැවත් විශ්වාස නොකළේ බීන්ගෙ හැටි දන්න නිසා. ඒ ඔවුන්ගේ පෞද්ගලික තීන්දු තීරණ. ඒවට හරස් වෙන්න අපිට බැහැනෙ. මොනව වුණත් අදටත් ඔහු ලොව හිනස්සනවා. එය වෙනස්වෙලා නැහැ. 2012 වසරේදී ඔහුගේ රංගනයට සමුදුන්නත් අදටත් සුවහසක් ජනතාව සමඟ ඔහු අත්වැල් බැඳගෙන ඉන්නවා.
රංගන ක්ෂේත්රයේ නව පරිච්ඡේදයක් සටහන් කරන්නට මිස්ටර් බීන් හෙවත් රෝවන් සෙබස්තියන් ඇට්කින්සන් සමත් වුණා. ඕක්ස්ෆර්ඩ්හි යාන්ත්‍රික ඉන්ජිනේරැ විද්‍යාවෙන් උසස් අධ්‍යාපනය ලැබුවද ඔහුගේ උරැමය සටහන් වුණේ කලාවත් සමඟින්.
"the Appointments of Dennis Jennings" කෙටි චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් 1988 දී මිස්ටර් බීන් ඔස්කාර් සම්මාන උළෙලේදී සම්මානයටද පාත්රවෙනවා.
The secret Policeman's Other Ball Dead on Time, Never say Never Again, The Driven man, four wedding and a Funeral, Rat Race, Scooby – Doo, Mr. Bean's Holiday, Johnny English Reborn ආදී නිර්මාණ රුසකින් මිස්ටර් බීන් ලොව සිනහවෙන් තබන්නට උත්සාහ කළා. එය සාර්ථකත් වුණා. රංගනයෙන් පමණක් නෙවෙයි නිෂ්පාදනයෙන්, අධ්‍යක්ෂණයෙන්, පිටපත් රචනයෙන් මේ හැමදේකින්ම ඔහු සාර්ථක අයෙක්. ඒ මිස්ටර් බීන්. එදා විතරක් නෙවෙයි ඔහු අදටත් අලුත් දේවල් සොයා යන්නෙක්.
හැමදාමත් අලුත් දේවල් මවන්න මේ අය මොනතරම් නම් සමතුන්ද? 24 වසරක විවාහයට සමුදුන් ඔහු නව සහකාරියක් ජීවිතයට ළං කරගෙන. ඉතිං හෙට දවසේ මේ අය මොන මොන පුවත් මවාවිද කියලා කවුද දන්නේ. බලමු නේද?
- අශිකා -
0 comments :
Post a Comment