අධික උණූසුම නිසා ඇතුගල පුපුරයි



කුරුණෑගල - ඇතුගල පර්වතයේ කොටසක් පිපිරී ගොස් ඇති අතර ඊට හේතුවී ඇත්තේ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

මෙලෙස පුපුරා ගොස් ඇත්තේ වයඹ පළාත් සභා ගොඩනැගිලි සංකීර්ණය අසලින් ඇතාගලට පිවිසෙන පියගැටපෙල ආසන්නයේ කොටසයි.

ගල් පර්වතයේ ස්ථාන දෙකකම පිපිරීම් දක්නට ලැබෙන අතර, එම පිපිරීම් පර්වතයේ මීටර 50 කට වැඩි දුරකට පැතිර ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

පෙරේදා රාත්‍රී 10 ට පමණ ගල් බෝරයක් පුපුරා යන ආකාරයෙන් මහා ශබ්දයක් නගමින් මෙම ගල පුපුරා ගිය බවත්, ගල් කැබලි බොහෝ දුරට විසිර ගොස් තිබූ බවත් ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු සඳහන් කළා.

මෙම පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජාතික ගොඩනැගිලි හා ඉදිකිරීම් පර්යේෂණ ආයතනයේ නාය යාම් අංශයේ පිරිසක් එහි ගොස් තිබුණා.

එහිදී අනාවරණ වී ඇත්තේ පර්වතයෙහි කොටසක අඩි දෙකක පමණ ගැඹුරට පිපිරුමක් සිදුව ඇති බවයි.

එමෙන්ම ගල් පතුරු කිහිපයක් ගැලවී ගොස් ඇති බව සදහන්.


(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment