කොල්ලකරුවෙකු සොයා මෙහෙයුමක්


නිට්ටඹුව - උණගස්දෙණිය ප්‍රදේශයේ රට බීම හලක් කොල්ලකා පලාගිය පුද්ගලයෙකු සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අද අලූයම වෑන් රථයකින් පැමිණි මෙම පුද්ගලයා අදාළ බීම හල කොල්ලකා ඇති බව සඳහන්.

පසුව නිට්ටඹුව පොලීසියට ලැබුණු තොරතුරකට අනුව ඔහු ගමන් කළ වෑන් රථය හඳුනාගෙන එය නවත්වන ලෙසට අණකර තිබෙනවා.

එහෙත් පොලිස් අණ නොතකා පලාගිය වෑන් රථය නිට්ටඹුව - ඌරාපොල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව ඇති බව සඳහන්.

පසුව සැකකරු වෑන් රථය දමා පලායාමට උත්සාහ කළ අවස්ථාවේදී පොලීසිය වෙඩි තැබුවා.

එහෙත් සැකකරු පලාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment