ඔබේසේකරපුර වෙඩි තැබීමකින් කඹුරුපිටියේ හර්ෂ මහදවල් ඝාතනය වෙයි

රාජගිරිය ඔබේසේකර පුර ප්‍රදේශයේදි අද (3) වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.<br /><br />වැලිකඩ ඔබේසේකරපුර අරුණෝදය මාවතේ නිවසක සිටි පුද්ගලයෙකුට මෙලෙස අද දහවල් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් තිබෙනවා

ප්‍රහාරය එල්ල වූ පුද්ගලයා මාතර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32ක පුද්ගලයෙක් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඔහු  කඹුරුපිටියේ හර්ෂ නම් අයෙක්.

සම්පුර්ණ මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇති බවට අනාවරණය වී තිබෙන අතර වැලිකඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment