නොරොච්චෝලේ යළි බලගැන්වෙයි

අක්‍රියව පැවති නොරොච්චෝලේ තාප බලාගාරය යළි ක්‍රියාත්මක කිරීමේ කටයුතු ඊයේ රාත්‍රියේ සිට ආරම්භ කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි සභාපති අනුර විජේපාල සඳහන් කළේ මේ වනවිට එහි කටයුතු මූලික අදියරයේ පවතින බවයි.

මෙගා වොට් 50 ත් 60ත් අතර විදුලි ධාරිතාවක් මේ වනවිට නිෂ්පාදනය කර ඇති බවද ඔහු සඳහන් කළා.

අද දිනයේ නොරොච්චෝලේ තාප බලාගාරයේ විදුලි නිෂ්පාදන කටයුතු සාර්ථක වුවහොත් කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට හැකිවන බවද ඔහු සඳහන් කළා.  

නොරොච්චෝලේ තාප බලාගාරයෙන් මෙගාවොට් 900 ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙනවා.

පසුගිය ඉරිදා දිවයින පුරා සිදුවූ විදුලි විසන්ධිවීමත් සමඟ නොරොච්චෝලේ තාප බලාගාරයේ ජනන කටයුතු අත්හිටවනු ලැබුවා.

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment