අවසර නැති දන්තාලේපවලට වැඩ වරදියි


විවිධ වර්ගයේ දන්තාලේප සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව මාධ්‍ය අලෙවිකරණයට ලක් කිරීම අභියෝගයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසනවා.  

"සුවැති සිරුරක ඇරඹුම, සුවැති මුවයි" යන තේමාව යටතේ මාර්තු මස 20 වැනි දිනට යෙදී ඇති ලෝක මුඛ සෞඛ්‍ය දිනය වෙනුවෙන් සෞඛ්‍ය අධ්‍යන කාර්යාංශය මගින් පැවැත් වූ මාධ්‍ය සම්මන්ත‍්‍රණයක් අමතමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව කියා සිටියා.  

දන්තාලේප අලෙවිකිරීම පිළිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසර ලබාගත යුතුයි. එම දන්තාලේප පිළිබඳ වෙළෙද දැන්වීම් මාධ්‍ය මගින් පළ කිරීමේ දී ද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසර ලබා ගත යුතුයි. එහෙත් වර්තමානයේ ඇතැම් දන්තාලේප පිළිබඳ දැන්වීම් එවැනි අවරයකින් තොරව පළ කරන බව පෙනී ගොස් ඇති බවයි වෛද්‍ය පාලිත මහීපාල මහතා පෙන්වා දෙන්නේ. 

එම නිසා ජාතික ඖෂධ නියාමන අධිකාරිය දැනුවත් කර නීතිය ක‍්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර සිටියා. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා " දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 1600 ක් දිවයින පුරා රෝහල්වල සේවය කරනවා. ජනගහනයෙන් 16500 කට එක් දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක් සිටිනවා. සායන මධ්‍යස්ථාන 500 කට වඩා වැඩි සංඛ්‍යාවක් තිබෙනවා. විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 60 ක් සිටිනවා. පාසල් දන්ත චිකිත්සකයින් 500 ක් දිවයින පුරා රෝහල්වල සේවය කරනවා. දන්ත පුරුදු පාසල් වියේ සිටම පුරුදු කිරීම තුළින් මුඛ රෝග අවම කර ගත හැකියි. ලෝක මුඛ සෞඛ්‍ය දිනය වෙනුවෙන් පාසල් සිසුන් ලක්ෂයකගේ සහභාගිත්වයෙන් දන්ත කඳවුරක් ද 17 වන දින පවැත්වීමට නියමිතයි. දන්ත සෞඛ්‍ය සේවාව පුළුල් කිරීම සඳහා අරමුදල් වෙන්කර තිබෙනවා. එමෙන්ම විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍යවරුන් තවත් බඳවා ගත යුතු වෙනවා.” යනුවෙන් සඳහන් කළා. 

2016 වසරේ දී ශ‍්‍රී ලංකාවම ආවරණය වන පරිදි මුඛ සෞඛ්‍ය සායනයක් සිදු කළා. එහි ප‍්‍රතිඵල මෙම වසර අවසානයේ ලබා දීමට නියමිතයි. 2002 වසරේ සමීක්ෂණයට අනුව වයස අවුරුදු 5-10 වයසේ දරුවන්ගෙන් සියයට 65 ක් මුඛ රෝගවලට ගොදුරු වී තිබුනා. අවුරුදු 12 ත් 35 අතර තරුණ තරුණයින්ගෙන් සියයට 40 ක් මුඛ රෝග වලට ගොදුරු වී තිබුනා. වයස අවුරුදු 35 ත් 40 අතර වයස් කාණ්ඩයේ සියයට 90 ක් මුඛ රෝගවලට ගොදුරුව තිබුනා. 2015 පමණක් රෝගීන් ලක්ෂ 05 ක් පමණ විවිධ මුඛ රෝග සදහා ප‍්‍රතිකාර ලබාගෙන තිබෙනවා. එමෙන්ම විදුරුමස් රෝග ද ඉහළ ගොස් තිබෙන බවයි මෙහිදී පැවසුනේ. 

(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment