ඔබේ ප්‍රදේශයට විදුලිය විසන්ධිවන වෙලාව මෙතැනින් හරියටම දැනගන්න


ඉදිරි දින දෙක තුළ දිනකට පැය හතහමාරක විදුලිය කප්පාදුවක් සිදුවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ එය කාණ්ඩ දෙකක් යටතේ සිදුකරන බවයි. 

ඒ අනුව පෙරවරු 7 සිට දහවල් 12.30 දක්වා සහ පස්වරු 6 සිට රාත්‍රී 8 දක්වා එක් කාණ්ඩයකට මෙලෙස විදුලිය විසන්ධි කෙරෙනවා. දහවල් 12.30 සිට පස්වරු 6 දක්වා සහ රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා අනෙක් කාණ්ඩයට විදුලිය විසන්ධි කෙරෙනු ඇති.

එමෙන්ම ඇතැම් අවස්ථාවලදී ට්‍රාන්ස්ෆෝමර් අංක අනුව යම් අවස්ථාවලදී අසල්වැසි නිවසට විදුලිය ඇති විට ඔබගේ නිවසට විදුලිය නොමැති වීමේ අවස්ථාවක්ද ඇතිවීමට ඉඩ තිබෙනවා. ඒ ඔබගේ නිවසට විදුලිය සපයන ට්‍රාන්ස්ෆෝමරය හා අසල්වැසි නිවසට විදුලිය සපයන ට්‍රාන්ස්ෆෝමරය වෙනස් වීම හේතුකොට ගෙනයි.
(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment