පුතුන්ගෙ රග්බි බලන්න දයාසිරි හරීන් හැව්ලොක් ඇවිත්


පුතුන්ගෙ රග්බි බලන්න
දයාසිරි හරීන් හැව්ලොක් ඇවිත්

ඊයේ කොළඹ හැව්ලොක් පිටියේ පැවති රග්බි තරගයක නරඹන්නන් අතර සිටියේ රජයේ ඇමතිවරුන් දෙදෙනෙකි. ඒ දයාසිරි හා හරීන්ය. ඔවුන් පැමිණ තිබුනේ එම දෙදෙනාගේ පුතුන් සහභාගී වූ රග්බි තරගයක් නරඹන්නටය.
දයාසිරිගේ පුතු ශාන්ත තෝමස් විදුහලේ 19 න් පහළ
රගර් කණ්ඩායමේත්

හරීන්ගේ පුතු ශාන්ත ජෝෂප් විදුහලේ 14න් පහළ රගර් කණ්ඩායමේත් ඉසව් දෙකක් යටතේ පෙනී සිටින ක්‍රීඩකයින්ය. ඔවුන් දෙදෙනා ඊයේ පැවති තරග වලින් ජය ගත්තේද නැත. දයාසිරිගේ පුතුගේ ඉසව්ව 10-33 කට පැරදුණ අතර හරින් පුතුගේ ඉසව්ව 5-5 කට සම විය.
දේශපාලන ලෝකයේ වරක් දයාසිරි හා හරින්  විරසකවී ‘වාදපිටිය‘ වැඩසටහනකදී ගුටි ඇනගන්නට ගිය අවස්ථාවක් වාර්තා වුණි. එයින් අනතුරුව දෙන්නාම තැන් තැන් වල කියා තිබුනේ අපි හොඳ රගර් ක්‍රීඩකයින් කියාය. දැන් ඔවුනගේ පුතුන්ද එම ක්‍රීඩාවේ නිරතවන්නන්ය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment