පිටිපස්සෙ 50 ක් විතර ඉන්දෙද්දී මං අසභ්‍ය දේවල් බලයිද- ඕවට තැන් තියනවා



පළාත් සභා රැස්වීමේදී අසභ්‍ය දර්ශන නැරඹූ බවට චෝදනා ලද එජනිස බස්නාහිර පලාත් සභා මන්ත්‍රී ගුණසිරි
කාරියවසම් එම සිදුවීම ප්‍රතික්ෂේප

කරමින් මෙසේ අදහස් දක්වා තිබේ.

'මේක අපිව අපහසුතාවයට පත් කරන්න කරපු වැඩක්. මගේ දේශපාලන ජීවිතේ අවුරුදු විසිගාණක් වෙනවා. කවදාවත් කළු පැල්ලමක් නෑ. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව දන්නවා මං කවුද කියන්නෙ කියලා. කවදාවත් මේ වගේ පහත් වැඩ කරල නෑ. අනිත් එක මොලේ තියන කෙනෙක් එහෙම කරනවද මං ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී කෙනෙක් ඉස්සරහා හිටියේ මට පිටිපස්සේ මන්ත්‍රීවරු 50 ක් විතර ඉන්නවා. මේ වගේ එකක් බලන්න ඕනද 50 කට පේන්න. මං එච්චර මානසික අසහනයක් තියන කෙනෙක් කියල හිතනවද. මේව බලන්න ඕන තරම් තැන් තියනවා. එච්චර මං පහත් මිනිහෙක් නෙමෙයි. මගේ දේශපාලන ජීවිතේ විනාශ කරන්න සැලසුම් සහගතව කරපු වැඩක් මේක'
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment