රුපියල හමුවේ, යෙන් මිල නඟියි : ජපන් වාහන මිලත් ඉහළට?


ජපාන් යෙන් මුදල් ඒකකයක් සඳහා වන ශ්‍රී ලංකා රුපියල් අගය, ඉතිහාසයේ පළමු වරට ඊයේ (03) දිනයේ දී රුපියල් 1.70 අභිබවා ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ජපාන යෙන් සඳහා අද දින ගැණුම් මිල රු. 1.6734 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 1.7348 ක් ලෙසින් වාර්තා විය.

මේ අතර ජපාන යෙන් සඳහා අද දින නිරූපිත එතැන් අනුපාතිකය රුපියල් 1.7025 ක් ලෙසින් සටහන් විය.

මෙලෙස ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ජපාන යෙන් මිල ඉහළ යාම, ජපානයෙන් මෙරටට ආනයනය කරනු ලබන මෝටර් රථ ඇතුළු අනෙකුත් ආනයනික භාණ්ඩ මිල ගණන් සීඝ්‍රයෙන් වැඩිවීමට බලපාන කරුණකි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment