රණවිරුවන් අපිට ඕනේ කියා උතුරේ දමිළ ජනතාව පෝස්ටර් ගසති

උතුරේ ආරක්‍ෂක අංශවල සහයෝගය තමන්ට අවශ්‍ය බව කියමින් කිළිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවල ජනතාව පෝස්‌ටර් හා බැනර් ප්‍රදර්ශනය කර තිබේ.

ඔවුන් ඒ පෝස්‌ටර් හා බැනර් මගින් කියා ඇත්තේ ගංවතුර උවදුරෙන් තමන් බේරා ගත්තේ දෙමළ දේශපාලනඥයන් නොව ආරක්‍ෂක අංශ බවයි. මේ නිසා වන්නියේ දෙමළ ජනතාව ආරක්‍ෂක අංශ සාමාජිකයන්ට ගරුකරන බවත් ඔවුන්ගේ සේවාව තවදුරටත් වන්නියේ ජනතාවට අවශ්‍ය බවත්
එම පෝස්‌ටර්වල සඳහන්ව ඇත.

උතරු පළාත් සභාව විසින් කිළිනොච්චිය හා මුලතිව් පළාත්වල සිදුකළ විවිධ සංවර්ධන කටයුතු විස්‌තර කිරීම සඳහා යොදා ඇති බෝඩ්වලට පහළින්ද ආරක්‍ෂක අංශ වෙත වන්නියේ ජනතාවගේ ප්‍රණාමය පුද කරමින් බැනර් එල්ලා පෝස්‌ටර් අලවා තිබුණි.

යුද හමුදාව උතුරෙන් පිටව යා යුතු නොවේ හමුදාවේ සහයෝගය අපට අවශ්‍යයි. වැනි වැකි ඇතුළත් පෝස්‌ටර් හා බැනර් මෙන්ම ආරක්‍ෂක අංශ අපට කළේ මොනවාද? යන්න විස්‌තර කරමින් ලියන ලද පෝස්‌ටර්ද මේ අතර දක්‌නට ලැබෙයි.

කිළිනොච්චිය හා මුලතිව් පළාත්වල ගංවතුරින් විපතට පත්ව සිටින ජනතාව මේ පෝස්‌ටර්වලින් විශාල ප්‍රමාණයක්‌ ලියා තිබුණේ ඔවුන්ට ආහාර පාර්සල් දමාගෙන විත් තිබූ කාඩ්බෝඩ් පෙට්‌ටිවලින් ඉරා ගත් කාඩ්බෝඩ් කැබලිවලය.

කඩදාසිවල හා රෙදිවල ලියන ලද බැනර් හා පෝස්‌ටර්ද කිළිනොච්චිය හා මුලතිව් පළාත්වල අලවා තිබේ.

දිනසේන රතුගමගේ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment