අභිරහස් ලෙස මිය ගොස් ඇති කාන්තාවකගේ මළ සිරුරක් හමුවී ඇති බව මුන්දලම පොලීසිය ප්රකාශ කරයි.
මෙසේ මියගොස් ඇත්තේ මදුරන්කුලිය, කරිකට්ටිය පදිංචිව සිටි හෙට්ටිආරච්චිගේ සුජීවනී ප්රනාන්දු නමැති 45 හැවිරිදි තැනැත්තිය බවට හදුනා ගෙන තිබේ.
මෙම මළ සිරුර මදුරන්කුලිය ප්රදේශයේ පිහිටි කරිකට්ටිය ප්රදේශයේ ලදු කැලෑවක් අසල තිබී හමුවී ඇත.
මළ සිරුර අසල විදුලි පන්දමක් සහ බිස්කට් පැකට්ටුවක්ද තිබූ බව පොලිසිය සඳහන් කරයි.
පසුගිය 21 වැනිදා මියයන්නට ඇතැයි සැකකරන මෙම කාන්තාව වෙළදසැළට යන බව පවසා නිවසින් පිටත්ව ගොස් ඇති නමුත් නැවත පැමිණ නැති බවට ඇයගේ දියණියක් විසින් මුන්දලම පොලීසියට පැමිණිල්ලක්ද කර තිබේ.
22 වැනිදා සවස 6.10 ට පමණ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව මළ සිරුර පොලීසිය විසින් සොයා ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මුන්දලම පොලීසිය විසින් සිදුකරයි.
පුත්තලම - ජුඩ් සමන්ත.
0 comments :
Post a Comment