මෝදිගෙ හෙලිකොප්ටර් නිසා හැටන් නිවාසවල වහල කැඩුණ හැටි

http://ift.tt/2qbPOtb

මෝදිගෙ හෙලිකොප්ටර් නිසා 
හැටන් නිවාසවල වහල කැඩුණ හැටි

ඉන්දීය අගමැති මෝදි 12 වනදා සිදුකළ හැටන් සංචාරයේදී හෙලිකොප්ටර ක්‍රිඩා පිටියට ගොඩ බැස්සවීමේදි ක්‍රිඩා පිටියේ ආරක්ෂිත බැම්ම  හිස මතට කඩා වැටිම නිසා තිදරු මවක් තුවාල ලැබූ අතර තුවාල කාරිය එම ස්ථානයේ අගමැතිවරයා වෙනුවෙන් ගෙන්වූ පෙරසුදානම් ගිලන් රථයකින්
රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

හැටන් දික්ඔය රජයේ මුලික රෝහල ජනසතු කිරිම සදහා ඉන්දිය අග්‍රාමාත්‍ය තමා ඇතුළු පිරිස හැටන් ඩන්බාර් ක්‍රිඩා පිටිය වෙත හෙලිකොප්ටර් ගොඩ බැස්වීමත් සමග ඇතිවු වායු පිඩනය හේතුවෙන් මෙය සිදුවන්නට ඇතැයි සැක කෙරේ.
මෙසේ අනතුරට පත්වීමෙන් තුවාල ලබා රෝහල් ගත කලේ හැටන් සමනළගම ප්‍රදේශයේ පදිංචි අනුෂා සංජීවනි හේරත් නැමති තිදරු මවකි. ප්‍රදේශයේ නිවාස පහකට වැඩි ප්‍ර‍මාණයකටද මෙම අවස්ථාවේ අලාබ සිදුව ඇත.වහල කොටස් කඩා වැටිම නිසා බිත්තිවලට සහ ගෘහ උපකරන වලටද හානි සිදුවි තිබේ.
මේ සම්බන්ධයෙන් නිවැසියන් පොලිසියට පැමිණිලි කර තිබේ.














හැටන් - චන්දන ජයවීර
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment