ප්‍රවීණ නාට්‍යවේදී ප්‍රේමරංජිත් තිලකරත්න සමුගනී


ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදකයකු ලේඛකයෙකු වූ කලාභූෂණ ප්‍රේමරංජිත් තිලකරත්න මැයි මස 12 වන සිකුරාදා අභාවප්‍රාප්ත වූයේය.
 දශක පහකට
අධික කාලයක සිට ශ්‍රී ලාංකේය සාහිත්‍යය හා නාට්‍ය ක්ෂේත්‍රයට ප්‍රබල සංස්කෘතික දායකත්වයක් දැක්වූ
ඔහු ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී, ටවර් හෝල් පදනමේ ජාත්‍යන්තර සම්බන්ධතා
පිළිබඳ උපදේශක ඇතුළු පරිපාලන සේවයේ තනතුරු රැසක් දැරුවේය.මියයන විට 80 වන වියෙහි පසු විය.
වගුරු බිම (1963), වහලක් නැති ගෙයක් (1964), තොත්ත බබා (1965), අම්මයි අප්පයි (1966), කෝන්තරේ (1968), මූණු සයකි රූකඩයකි (1970), ජුලී (1977), ශ්‍රී වික්‍රම (1979), සැරද සීතා (1980), දේවී (1988), හොරා පොලිස් (2003) යන නාට්‍ය
ප්‍රේමරන්ජිත් තිලකරත්න මහතා විසින් රචනාකර නිෂ්පාදනය කරන ලදී.
අවසාන කටයුතු 2017 මැයි මස 13 වන දින සවස 5 ට තලාහේන පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment