අමල් හසුවීම ගැන කීර්ති කියූ දේ මතභේදයට

https://www.gossiplankanews.com/2019/02/keerthi-statement-on-amal-controvercy.html#more
ඩුබායිහිදී පාතාල නායකයින් පිරිසකගේ පුද්ගලික සාදයකට එක්වී සිටියදී පොලිස් වැටළිමකට හසුවී එරට අත්අඩංගුවට පත්ව සිටින ප්‍රකට ගායක අමල් පෙරේරා හා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා අහිංසකයින් බවට ගායක ගායිකා සංගමයේ ප්‍රධානී ප්‍රවීණ කලාකරු කීර්ති පැස්කුවල් මහතා මාධ්‍ය ඉදිරියට පැමිණ දක්වා තිබෙන අදහස සමාජ මාධ්‍ය තුළ විවේචනයට ලක්ව ඇත.
මෙම අදහසට විරුද්ධ අය පවසන්නේ
අමල් මේ ගමන ගියේ දැනුවත්ව බවත් ඔහුට

පාතාල ඇසුරක් මෙන්ම මත්ද්‍රව්‍ය සම්බන්ධ ඉතිහාසයක්ද ඇති බවකි. මෙය මුදල් ගෙවීමේ පදනම මත විදේශ ප්‍රසංගයක ගීත ගැයීමට යන කලාකරුවෙකු අත්විඳි අනපේක්ෂිත තත්වයක් ලෙස කීර්තිට පක්ෂව අදහස් දක්වන ඇතැමුන්ගේ මතයයි.
කීර්ති පැස්කුවෙල් මාධ්‍ය වෙත දැක්වූ අදහස පහත පරිදිය.

‘අපි බලාපොරොත්තුවෙනවා මේ වැරැද්දට හසුවූ පිරිස අතර අපේ ශ්‍රී ලාංකික කලාකරුවන් පිරිස නිර්දෝෂීයි කියලා. අපි බලාපොරොත්තුවෙනවා ශ්‍රී ලංකා රජයෙනුත් ඒවගේම ජනාධිපතිතුමාගෙනුත් ඉල්ලීමක් කරන්නට කලාකරුවන් විශේෂයෙන්.. ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන, ඔවුන් වැරැද්දක් කරල තියනව නම් ඔවුන්ට සුදුසු දඩුවමක් ශ්‍රී ලංකාව තුළදී ලබාදෙන්නය කියල අපි ඉල්ලීමක් කරනවා කලාකරුවන් හැටියට.
වැරැද්දක් ඔප්පුවනතුරු ඔවුන්ට දෝෂාරෝපණය කිරීමෙන් වළකින ලෙසත් මම ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.‘


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment