තෙලිඟු ටෙලි නිළි ජාන්සී සියදිවිනසාගනී


ඉන්දියාවේ ජනප්‍රිය තෙළිඟු ටෙලි නිළියක බව පැවෙසන නාගා ජාන්සී පසුගිය පස්වෙනිදා  සිය දිවි හානිකරගෙන ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබේ .මේ දිනවල විකාශනය වන
තෙලිගු රූපවාහිනී මාලා නාට්‍යයක් වන
පවිත්‍ර බන්ධම් හි  චරිත නිරූපණය කරන බව කියන ඇය මෙලෙස සියදිවි නසාගෙන තිබුනේ හයිද්‍රාබාද්හි පිහිටි සිය නවාතැන්පොළෙහිදීය.

සිවිලිමේ එල්ලී සිටි ජාන්සි දුටු අසල්වැසියන් සිද්ධිය පිලිබඳව පොලීසියට දන්වා ඇය  ගාන්ධි රෝහලට ඇතුළත් කර තිබු නමුත් ඇය ඒ වනවිටත් මියගොස් තිබේ.

වාර්තාවන ආකාරයට ඇයගේ සිරුර ආසනයේ තිබී ඇය විසින් සිය දිවි හානි කර ගැනීමට ප්‍රථම ලියා තැබු ලිපියක් ද හමුවී තිබේ . ඒ ආසන්නයේ ඇයගේ ජංගම දුරකථනය ද හමුවී තිබිණ .
එම ලිපියේ සඳහන්ව ඇත්තේ ජාන්සි සූර්යා නානී නම් තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බවත් ඔහු හා විවාහ වීමට ඇය කැමැත්තෙන් සිටි නමුත් සූර්යාගේ දෙමාපියන් එයට අකමැත්ත ප්‍රකාශ කළ නිසා සුර්යා විසින් ඇයව අත්හැරීම පිළිබඳව ශෝකයෙන් දිවිනසාගන්නා බවයි.
 ජාන්සිගේ  සිය දිවිනාසා ගැනීමත් සමඟ පෙම්වතා අතුරුදහන් වී ඇති බව වාර්තා වේ .




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment