ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම අද දහවල් මාතලේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මාතලේ ඓතිහාසික අලුවිහාරයේ පැවැති ජාතික උත්සවයට දෙදහසකට අධික මහා සංඝරත්නය එක් වූහ.
ජනාධිපතිතුමාගේ උපදෙස් මත ත්‍රිපිටකය අද ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ, වසර දහස් ගණනක් පුරා රැකගෙන ආ නිර්මල බුදු දහම ලෝකවාසී ජනතාව සහ අනාගත පරපුර වෙනුවෙන් නිවැරදිව ආරක්ෂා කර පවත්වාගෙන යාමේ අරමුණිනි.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment