නත්තල් ගසේ වාර්තාව පිළිගනී අවසානයේ අර්ජුනගේ නමත් ගිනස් පොතට


නත්තල් ගසේ වාර්තාව පිළිගනී
අවසානයේ අර්ජුනගේ නමත් ගිනස් පොතට

මීට වසරකට පෙර 2016 විශාල ආන්දෝලනයක් ඇති කරමින් කතෝලික ආගම් නායකයින්ගේ විරෝධතාද මතුකරමින් කොළඹ ගාලු මුවදොර පිටියේදී ඉදිකරන්නට යෙදුණු කෘත්‍රීම නත්තල් ගස ‘ලෝකයේ උසම කෘත්‍රීම නත්තල් ගස‘ ලෙස ගිනස් ලෝක වාර්තාවට අයදුම් කර තිබුණි. විවිධ ගැටලු නිසා එම වාර්තාව ගීනස් සංවිධායකයින් මුලින් පිළිගෙන තිබුනේ නැති නමුත්
මේවනවිට එම වාර්තාව පිළිගෙන ඇති බවට ගිනස් ආයතනය මගින් ලංකාවට දන්වා එවා තිබේ.
‘Largest artificial Christmas tree‘ ලෙස ගිනස් වෙබ් අඩවිය මගින්ද එම නත්තල් ගස හඳුන්වා තිබෙන අතර වාර්තාවේ හිමිකරු ලෙස Arjuna Ranatunga Social Services යන නමද ග්‍රන්ථාරූඩ කර තිබේ.


මීටර 72.1 උසින් යුත් මෙම නත්තල් ගස අර්ජුන රණතුංග මින් ඉහත වරාය ඇමතිවරයාව සිටි සමයේ ඉදිකර තිබුනේ මිලියන 200 ක පුද්ගලික ධන පරිත්‍යාග වලින් බවට වාර්තා විය. මෙහි ආලෝකකරණයට විදුලි බුබුළු ලක්ෂ 8 ක් යොදාගත් බවද කියැවිණි.
කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ඉල්ලීම මත මුදල් නාස්තිය නිසා මෙහි වැඩ අතරමග නතරවූ නමුත් පසුව නැවත ඇමතිවරයා අගමැතිවරයාද සම්බන්ධ කරගෙන ඇවිටිලි කර අවසරය ලබාගෙන එය ඉදිකරන ලදි.
පහත පළවන්නේ ගිනස් වෙබ් අඩවියේ එම වාර්තාව සඳහන් කර තිබෙන හැටිය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment