පැෆරල් සංවිධානයෙන් අගමැතිට එරෙහිව නඩු


පළාත් සභා සීමා නීර්ණ කමිටුවේ සමාලෝචන කමිටු වාර්තාව ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ අගමැති ප්‍රමුඛ කමිටුවට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට පැෆරල් සංවිධානය කටයුතු සැලසුම් කර තිබේ.


පළාත් සභා සීමා නිර්ණ කමිටුව දෙවැනි වර ඉදිරිපත් කිරීමේදී මාස 4 ක් ඇතුළත එය ඉදිරිපත් කිරීමේ කාල රාමුවක් ඇතුළත් කර තිබූ අතර එය නියමිත කාලයට ඉදිරිපත් වුවත් පාර්ලිමේන්තුවේදී අදාළ වාර්තාව මසක කාලයකදී සම්මත කර ගැනීමට තිබිණි. එහෙත් පාර්ලිමේන්තු අසමත්භාවය
නිසා මාස තුනක් ගත වූ බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ‘අරුණ’ට පැවසීය.

මෙම තත්ත්වය මත කථානායකවරයා, අගමැතිවරයාගේ මූලිකත්වයෙන් සමාලෝචන කමිටුවක් පත් කළ අතර එහි වාර්තාව මාස දෙකකින් ලබාදිය යුතු වුවත් මේ වන විට ඊට මාස හතරක් ගතව ඇති බවද හෙට්ටිආරච්චි මහතා පැවසීය.

‘‘සමාලෝචන කමිටුව වලංගුද කියන එක ගැන දැන් ප්‍රශ්නයක් තියෙනවා. කොහොම හරි මාස 4 ක් දැනට ගතවෙලා. එතෙක් මාස එකහමාරක් විතර රටේ දේශපාලන අස්ථාවරභාවය නිසා කාලය ගියා. කෙසේ වෙතත් දේශපාලන වුවමනාවක් තියෙනවා නම් මැතිවරණය තියන්න අලුත් කමිටුවක් පත් කරලා වාර්තාව ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නොවුණොත් අපි ඊට එරෙහිව අධිකරණයට යෑමට අවශ්‍ය පසුබිම මේ දිනවල නීතිඥයන් මගින් සොයමින් ඉන්නවා’’ යැයි ඒ මහතා පැවසීය.

චමින්ද සේනාරත්න
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment