වඩිවේල් සුරේෂුත් නැවත පනී


පසුගියදා එජපයෙන් සන්දානයටත් පසුව 14 වනදා සන්දානයෙන් එජාපයටත් ගමන් කළ වඩිවේල් සුරේෂ්
මන්ත්‍රීවරයාද අද අමාත්‍ය මණ්ඩල

රැස්වීමට එක්වූබව වාර්තාවේ.
ඔහු සමග වසන්ත සේනානායකද පැමිණ තිබුනි.
තමන් සන්ධානයෙන් එජාපයට ආ අවස්තාවේ ලබාගත් තීරණය ගැන වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා කියා තිබුනේ තමන් සුලු ජනකොටසක නියෝජිතයෙකු නිසා බහුතරය හඳුනාගත් ඕනෑම පක්ෂයකට සහය දී තම ජන කොටස වෙනුවෙන් යුතුකම් ඉටු කරන බවත් ඒ ගැන තමන්ට ඡන්දය දුන් අය දොස් නොපරවන බවත්ය.
කෙසේ වෙතත් 14 වනදා එජාප රැස්වීමට පැමිණ නායක රනිල් සමග එකළඟ අසුන් ගෙන සිටි සුරේෂ් තමා මුලින් ලබාගත් තීරණය වැරදි එකක් බව කියා තිබුනි.
ඔහු අද ඇමති මණ්ඩල රැස්වීමට එක්වූ බව ආණ්ඩු පක්ෂ ආරංචි තහවුරු කලේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment