කෝටි 124 ක සල්ලි අච්චු ගැසීමට රජය පියවර ගනී


ජනතාවගේ අවශ්‍යතා සඳහා මුදල් නෝට්ටු හා කාසි කෝටි 124ක් අච්චු (මුද්‍රණය) ගැසීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇතැයි එහි 2017 වාර්ෂික වාර්තාවේ දැක්වෙයි.

සංසරණ කළ ගුණාත්මක

නෝටිටු පවත්වාගෙන යෑම සහ මහජන අවශ්‍යතා සැපිරීමට අවශ්‍ය තොග පවත්වාගෙන යෑම සඳහා ඉදිරි වර්ෂවලදී මේ නෝට්ටු හා කාසි අච්චු ගැසීම කරන බව මහ බැංකු වාර්තාව කියයි. මෙම මුදල් නෝට්ටු හා කාසි සඳහා වූ ඉල්ලුම ගිය වසරේ ඉහළ ගොස් ඇති බවත් ගිය වියරේ සංසරණයේ පැවැති මුළු ව්‍යවහාර මුදල් වටිනාකම රුපියල් කෝටි 50,800ක් දක්වා සියයට 8.3කින් වැඩිවී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. ගිය වසරේ (2017) නිකුත් කර ඇති ව්‍යවහාර මුදල් නෝට්ටු හා කාසිවල මුළු වටිනාකම රුපියල් කෝටි 62,040 කි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment