සරුංගල් යවමින් සිටි 16 හැවිරිදි දරුවා ළිඳට වැටී මරුට


යාපනය, චාවකච්චේරි ප්‍රදේශයේදී සරුංගල් යවමින් සිටි 16 හැවිරිදි ළමයකු පෙරේදා (19දා) සවස අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් මියගොස් ඇතැයි චාවකච්චේරි පොලිසිය කියා සිටියේය. චාවකච්චේරි - කයල් ප්‍රදේශයේදී
ජයකුමාරන් දීසන්

නමැති ළමයා තවත් මිතුරු ළමයකු සමඟ සරුගල් යවමින් සිට ඇති අතර මියගිය ළමයා සරගලය දෙස උඩ බලමින් පසුපසට දිව යමෙන් ප්‍රදේශයේ පිහිටි අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් මේ මරණය සිදුව ඇතැයි චාවකච්චේරි පොලිසිය පවසයි. ළමයා ළිඳට වැටීමත් සමඟ මිතුරා එම අවස්ථාවේදීම නිවෙසට දිව ගොස් වැඩිහිටියන් සමඟ පැමිණ ළමයා ළිඳෙන් ගොඩට ගෙන චාවකච්චේරී රෝහලට රැගෙන යෑමෙන් පසුව මිය ගොස් ඇත. අදාළ ළිඳ පිටට නොපෙනන ලෙසින් තිබීම නිසාත් අනාරක්ෂිතව පිහිටීම නිසාත් ළමයින්ගේ අවධානය නොතිබීම නිසාත් මේ මරණය සිදුව ඇතැයි චාවකච්චේරි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment