පාර්ලිමේන්තුවේ අතුරු සම්මත ගිණුමක් සම්මත නොකළොත් දැඩි මුල්‍ය අර්බුදයක්


අධිකරණයෙන් ලබාදෙන තීන්දුව කුමක් වුවත්, ඉදිරි සති දෙක-තුන තුළ අතුරු සම්මත ගිණුමක්
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට
එය සම්මත කර නොගතහොත්  ලබන වසරේ රජයේ ආයතන පවත්වාගෙන යා නොහැකි වන අයුරින් මූල්‍ය අර්බුදයක් ඇතිවන බව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියා සිටියේය. මේ මාසයේදී රජයේ සේවක වැටුප් ගෙවීම, රාජ්‍ය ආයතනවල අනෙකුත් වියහියදම් පිළිබඳ අර්බුදයක් නොමැති බවද හෙතෙම පැවැසීය.

පාර්ලිමේන්තුවේ මීළඟ සැසි වාර ලබන මස 12 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත. ඊළඟ වසරේ මුල් කාර්තුව සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරීපත් කිරීම මුදල් ඇමැතිවරයකු විසින් කළ යුතුව ඇතැයිද එම අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත කරගැනීමට කාලයක් අවශ්‍ය බවද, එකී පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා තවදුරටත් කියා සිටියේය.

-ශිරාන් රණසිංහ-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment