සිසුන් දෙදෙනෙකුගේ ආරවුලින් එක් අයෙකු මියයාමේ සිද්ධිය - කුලියාපිටියේ විදුහල්පතිට මාරුවක්




කුලියාපිටිය ඇපලදෙණිය මහ විදුහලේදී සිසුවෙකු විසින් තවත් සිසුවෙකුට කරන ලද පහරදීමකින් පසු අසාධ්‍යවූ එස සිසුවා මියගොස් තිබේ. මෙම සිදුවීම සමිබන්ධයෙන් එම විදුහලේ
විදුහල්පතිවරයා කිසිදු සැලකිල්ලක් නොදක්වා ඇතැයි පවසමින් දෙමවුපියෝ පිරිසක් ඊයේ (20දා) උදෑසන එම විදුහල ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

අදාළ විදහලයේදී පසුගිය 15 වැනිදා සිසුවෙකු විසින් කරන ලද පහරදීමකින් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ තවත් සිසුවෙකු කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කුරුණෑගල ශික්‍ෂණ රෝහලට මාරුකර යවා ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා (18දා) ජීවිතක්ෂයට පත්ව තිබිණි.
මෙලෙස ජීවිතක්‍ෂයට පත්වූයේ සචිත දයාන් (අවු.14) නමැත්තෙකි.
පහරකෑමට ලක්වූ සිසුවා විදුහල්පති කාර්යාලය අසල බිම වැටී සිටියද 

විදුහල්පතිවරයා නොසැලකිලිමත්ව කටයුතු කිරීම හේතුවෙන් රෝහල්ගත කිරීම ප්‍රමාද වී ඇති බවත්, එම නිසා මෙම මරණය සිදුව ඇති බවත් විරෝධතාකරුවෝ පැවසූහ.

එහිදී මියගිය සිසුවාගේ විශාල ප්‍රමාණය ඡායාරූපයක් හා විවිධ සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම විරෝධතාව පැවැත්විණි.
මවක අදහස් දක්වමින් පවසා සිටියේ,
 “සචිත දරුවාට විදුහලේදීම සිසුවෙකු විදුහල් බිමේදී පහර දෙද්දී 'මට ගහන්න එපා'යි කෑගසමින් විදුහල්පති කාර්යාලය දෙසට දුවද්දි බිම වැටී තිබෙනවා. එවිට ඔහු සිට ඇත්තේ ක්ලාන්තයකින් වැනි අසාධ්‍ය තත්ත්වයකින්. විදුහල්පතිවරයා මේ තත්වය සැලකිල්ලට ගෙන නෑ. හැකි ඉක්මනින් ඒ දරුවාව රෝහල්ගත කළේ නම් දරුවාගේ ජීවිතය බේරාගන්න තිබුණා " යනුවෙනි.
විදුහල්පතිවරයා එම අවස්ථාවේම මාරුකර යැවිය යුතු බවත්, ඒ නොවන්නේ නමි, තම දරුවන් පාසලෙන් ඉවත් කර ගැනීමට කටයුතු කරන බවත් දෙමාපියන් දන්වා තිබුණි.
අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා විදුහල්පතිවරයා සමග සාකච්ඡා කර අද (2දා) දින සිට කුලියාපිටිය අධ්‍යාපන කාර්යාලයට ඔහුව අනුයුක්ත කර, නියෝජ්‍ය විදුහල්පතිවරයාට විදුහල් පරිපාලන කටයුතු බාරදී ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment