ප්‍රින්ස්ගේ දානෙ අද -වැඩ ඉවරවෙන්නත් කලින් බිස්නස් කෝල්

ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායන ශිල්පියාගේ හත් දින බණ පිංකම ඊයේ රාත්‍රීයේදී පවත්වා තිබෙන අතර හත්දවසේ දානය අද ඇල්පිටියේදී සිදු කෙරෙනවා.

ප්‍රින්ස් සමුගෙන සතියක් යන්නටත් පෙර ව්‍යාපාරික අවශ්‍යතාවයන් මුල් කරගෙන ඔහුගේ ගීත තමන්ට අයිති බව පවසමින් ඔහුගේ අවසන් කාලයේ බලාගත් නැගණියට දුරකථන ඇමතුම් කිහිපයක්ම ලැබී ඇති
බවට තොරතුරු වාර්තා වනවා.
ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායන ශිල්පියාගේ නැගණිය එස්.පී.ප්‍රනාන්දු කියා ඇත්තේ තම සොහොයුරාගේ ගීත රැක ගන්නා ලෙස බොහෝ දෙනෙකු තමන්ට මීට පෙර දැනුම්දී තිබුණත් ගායකයාගේ කොටස ගෙවා තමන්ට එම අයිතිය ලබාගත හැකිද ආදී වශයෙන් ආ එම ඇමතුම් වලට තමා නිසි ප්‍රතිචාර නොදැක්වූ බවයි.
මේ වනවිට ප්‍රින්ස්ගේ රෝහල් බිල සම්බන්ධ ගැටලුවකද ඔවුන් සිටින නිසා මෙම වයාපාරික ඇමතුම් ලබාදුන් අය ගීත විකුණා දැමීමට පහසු පෙළැඹවීම් සිදු කළ බව ඇය කියා තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment