සුසන්තිකා නැවත දේශපාලනයට - සබරගමුවෙන් ඡන්දෙ ඉල්ලන කටකතා

මේ දිනවල ආර්ථික ප්‍රශ්න නිසා පදක්කම වෙන්දේසි කරන බවට ගෝරනාඩු කරන මළල ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ දිගින් දිගටම විපක්ෂයට අයත් දේශපාලන නාලිකා වල පෙරළිකාර කතාපවත්වමින් සිටින්නේ ඇගේ
අනාගත දේශපාලන
ඉලක්කයකන් වෙනුවෙන් බවට කතාපැතිර පවතී.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අවසන් වරට ප්‍රකාශකර සිටියේ ඇයට ක්‍රීඩා අමාත්‍යංශයෙන් රුපියල් 60000ක මුදලකුත්,ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් 75000ක මුදලකුත් එකතුව රුපියල් 135000ක මුදලක් ලබාදෙන බව වන නමුත් ඇය එවැන්නක් ලැබෙන බව හෝ නොලැබෙන බව පැහැදිලිව නොකියා පදක්කම වෙන්දේසි කරන බව කියා සිටී.
එසේම ඇයට ලැබුණ ලන්සුව යයි වරෙක මිලියන 25ක් ද තවත් වරෙක කෝටි 25 ක්ද ලෙස ඇය කතා කරන්නේ කිසියම් දේශපාලන අවශ්‍යතාවයක් මගින් මෙහෙයවන කරුනු ඔස්සේ බවට ආරංචි පැතිර තිබේ.
ඇයව දේශපාලන පක්ෂයක් විසින් දේශපාලනය රැගෙන ඒමේ උත්සහයක් වෙනුවෙන් ඇයගේ මෙම කැපී පෙනෙන ප්‍රචාරය අවියක් ලෙස භාවිත කරන බවද වාර්තාවෙයි.
මීළඟ පළාත්සභා මැතිවරණයේදී සබරගමුවේ මහ ඇමති අපේක්ෂිකාව ලෙස ගෙනඒමට උත්සාහයක් පවතින බවට දේශපාලන වෙබ් අඩවියකින් හෙළි කර තිබුණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment