කළුබෝවිල රෝහලට අල්ලපු වැටේ කෝටි 25 ඉඩම රෝහලට දන්දුන් අක්ක නගෝ

දකුනු කොළඹ ශික්ෂණ රෝහල හෙවත් කළුබෝවිල
රෝහලට පිටුපසින් පිහිටි
පර්චස් 40 ක ඉඩමක් එම ඉඩමේ අයිතිය තිබුණ අය විසින් රෝහලට නොමිලේ පරිත්‍යාග කර තිබේ.
දෙහිවල, කලුබෝවිල, රෝහල පාර අංක 205 දරන ස්ථානයේ නැසීගිය ගල්ගෙවල ගෙදර චන්ද්‍රාවතී ෆොන්සේකා මහත්මියට සහ ඉන්ද්‍රානි ද කොස්තා සහ කමලා ද කොස්තා යන මව හා දියණියට එය අයිතිව තිබුනි. මව ජීවතුන් අතර නැති අතර ඊට අදාළ ඔප්පුව ඉන්ද්‍රානි ද කොස්තා සහ ඇගේ සොයුරිය වන කමලා ද කොස්තා යන මහත්මීන්
ඊයේ (13දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දී තිබෙනවා.
 කෝටි 25 ක පමණ වටිනාකමින් යුත් පර්චස් 40 ක ඉඩම කලුබෝවිල ශික්ෂණ රෝහලේ ඉදිරි නවීකරණ කටයුතු සඳහා යොදාගනු ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment