අඩු ආදායම් ඇති අයට භූමිතෙල් සහනාධාර


වැඩි වූ භූමිතෙල් මිලට සාපේක්ෂව අඩු ආදායම්ලාභී විදුලිය නොමැති පවුල් ඒකක සහ භූමිතෙල් භාවිතා කරන බෝට්ටුහිමිකරුවන්ට ද භූමිතෙල් සහනාධාරය තවදුරටත් ලබා දීමට රජය තීරණය කොට ඇති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය දන්වයි.

එම අමාත්‍යාංශයේ ලේකම්

උපාලි මාරසිංහගේ අත්සනින් යුතුව ඊයේ (14) නිකුත් කෙරුණු මාධ්‍ය නිවේදනයක මේ ලෙස සඳහන් වේ.
භූමිතෙල්වල මිල 2018.05.10 දින මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය වීමත් සමඟම අඩු ආදායම්ලාභී විදුලිය නොමැති පවුල් ඒකක සහ භූමිතෙල් භාවිතා කරන බෝට්ටුහිමිකරුවන්ට ද භූමිතෙල් සහනාධාරය තවදුරටත් ලබා දීමට රජය තීරණය කොට ඇත. ඒ අනුව, එකී සහනාධාර මුදල් අදාළ ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට කෙළින්ම බැර කිරීමට වැඩපිළිවෙළක් සම්පාදනය කරමින් පවතී. ඒ සඳහා අදාළ තොරතුරු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් සහ ධීවර දෙපාර්තමේන්තුවෙන් ලැබීමට නියමිතය. එම තොරතුරු අනුව භූමිතෙල් මිල සංශෝධනය වූ දින සිට නියමිත සහනාධාරය හිඟ මුදල් ද සමඟ ඉතා කඩිනමින් ගෙවීමට කටයුතු කෙරේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment